
(අංජුල මහික වීරරත්න)
සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ( Yury Materiy) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු විය.
ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය.
යූරි මටේරි මහතා සිය ධුර කාලයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ මටේරි මහතා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය.
ආර්ථික අර්බුදය ජය ගෙන ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව මටේරි මහතා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd