IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා වෙත සම්මානය පිරිනැමිණි. එසේම වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී ද වයඹ පළාත් කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටම කිරි නිෂ්පාදන සමාගම ලෙසද රසෝදා ඩේරීස් සමාගම සම්මාන ලැබීය.

රසෝදා යනු රස + උදාව යන්නයි. රසෝදා සැම විටම දේශීය කිරි ගම්මානවල කිරි දෙනුන්ගෙන් ගන්නා නැවුම් එළකිරිවලින් ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් උසස් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් ඇතුළු නිශ්පාදන රැසක් වෙළෙඳපොළට සපයයි. අවස්ථා දෙකකදී අපව ඉහළටම එසවූ ආදරණීය පාරිභෝගිකයන්ට සහ රසෝදා සේවක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා. දමින්ද පෙරේරා මහතා පැවසීය.

2002දී දෛනිකව කිරි ලීටර් 100ත් 150ත් අතර ගණනකින් නිෂ්පාදන කටයුතු සේවකයන් හතර දෙනකුගෙන් ඇරඹූ රසෝදා ඩේරීස් වර්තමානයේදී නවීන යන්ත්‍ර භාවිතයෙන් දිනකට කිරි ලීටර් 12000කින් නිෂ්පාදන කටයුතු කරයි. නවතම කර්මාන්ත ශාලා ද්විත්වයේ දිනකට කිරි ලීටර් 40000ක නිෂ්පාදන ධාරිතාවක් ඇත.

250කට වැඩි සේවක පිරිසක් එහි සේවය කරන අතර කිරි ගොවියෝ 300කට වැඩි පිරිසක් කිරි සපයති.GMP, HACCP සහ ISO  22000 ජාතික ප්‍රමිති තත්ව සහතික ලබා ඇති රසෝදා ඩේරීස් දේශීය විශේෂඥ දැනුමේ හා නෙදර්ලන්ත කිරි සැකසීමේ තාක්ෂණයේ සුසන්යෝගයෙන් යහගුණැති නිෂ්පාදන පාරිභෝගිකයන්ට සපයයි. වර්තමානයේදී රසෝදා ඩේරීස් සමාගම සිය නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම සැපයීමට බෙදා හැරීමේ ජාලය පුළුල් කිරීමට කටයුතු කරයි.

-595



අදහස් (0)

රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site