තෙළිගු සිනමාවේ සුපිරි නළු නිළි යුවළ විජේ දේවරකොණ්ඩා සහ රෂ්මිකා මන්දානාගේ විවාහ මංගල උත්සවය හෙට (26) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පැවැසෙයි.

මංගල උත්සවය දැඩි ආරක්ෂාවක් යටතේ රාජස්ථාන ප්‍රාන්තයේ උඩයිපූර් නුවර සුඛෝපබෝගී හෝටලයක පැවැත්වෙනු ඇත.

යුවලගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම මිතුරු මිතුරියන් කීප දෙනකු පමණක් ඊට සහභාගී වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විජේ දේවරකොණ්ඩා සහ රෂ්මිකා මන්දානා දෙදෙනා පෙම්වතුන් ලෙස සිනමාවට පිවිසියේ ‘ගීතා ගෝවින්දම්’ චිත්‍රපටයෙනි. ඉන්පසු රිදී තිරයේ පෙම්වතුන් ලෙස දෙදෙනා චිත්‍රපට කීපයකින් ප්‍රේෂ්කයන් අතරට පැමිණ ඇත.

දෙදෙනා අතරේ ආදර සම්බන්ධයක් ඇති බවට වසර ගණනක් තිස්සේ රාවයක් පැවැතිණි. ඒ සෑම විටම, විජේ දේවරකොණ්ඩා මෙන්ම රෂ්මිකා මන්දානා ද කියා සිටියේ තමන් දෙදෙනා හොඳ මිතුරන් පමණක් බවය.