බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමග රිෂි සුනාක් මීළග කන්සර්වටිව් පක්ෂ නායකයා ලෙස පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
රිෂි සුනාක් හට ප්‍රසිද්ධියේ ටෝරි මන්ත්‍රීවරු 155 දෙනෙක් සහයෝගය පළ කර ඇති අතර ඔහුත් සමග තරඟ වැදීමට බලාපොරොත්තු වන පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 25 දෙනෙක් සහයෝගය පළ කර තිබේ.
කන්සර්වටිව් පක්ෂ නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට නම් හෙට (25) එරට වේලාවෙන් පස්වරු 2 ට පෙර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙනී මෝර්ඩන්ට් පෙන්විය යුතු බව කන්සර්වටිව් පක්ෂය පවසයි.
එසේ 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙන්වීමට පෙනී මෝර්ඩන්ට් අපොහොසත් වුවහොත් හෙට (25) දින නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂි සුනාක් නම් කරනු ඇතැයි පැවැසෙයි.
බොරිස් ජොන්සන් තමන්ට ටෝරි මන්ත්‍රීවරු 102 ක සහාය තිබෙන බව පැවසුවත් මන්ත්‍රීවරු 54 ඔහුට ප්‍රසිද්ධියේ සහාය දැක්වූ අතර එම මන්ත්‍රීවරු සහාය දක්වන්නේ රිෂි සුනාක් හටද එසේත් නැතිනම් පෙනී මෝර්ඩන්ට් හටද යන්න තවමත් පවසා නැත.
රිෂි සුනාක් හට මේ වන විට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහාය පළ කර ඇති අතර භාණ්ඩාගාර අමාත්‍ය ජෙරමි හන්ට් රිෂි සුනාක් වින්ස්ටන් චර්චිල්ට සම කර ඇත. ඒ ඔහු සැම විටම සත්‍ය කථා කිරීමට කැමැත්තක් දක්වන හෙයිනි.
(බීබීසී)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති වන ලකුණු