(මනෝප්‍රිය ගුණසේකර)

බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා තුනක් යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද අතිහිටුවනු ලැබීය.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන ඇයැදුම් පතක් සළකා බැලීමෙන් අනතුරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම සැප්තැම්බර් 07 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අත්හිටුවනු ලැබු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එදින මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වැල්ලවත්ත පොලිස්ථානාධිපතිවරයාට සහ නීතීපතිවරයාට නියම කරමින් නොතිසි නිකුත් කළේය.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන ඇයැදුම් පතේ වගඋත්තරකරුවන් වශයෙන් වැල්ලවත්ත පොලිස්ථානාධිපතිවරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.