(යොහාන් භාසුර,බී.ජී.චතුරංග සහ උපාලි ආනන්ද)
අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී රේල් පීලි සොරකම යෙදී සිටි පුද්ගලයන් ඒ සඳහා යොදාගත් තාවකාලික රථය දුම්රියක ගැටීමෙන් එම දුම්රියට හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
තාවකාලික රථය මගින් නොමැති දුම්රියක මෙසේ ගැටී ඇති බව සඳහන් කළ නිලධාරියා එම අවස්ථාවේදී රේල් පීලි සොරකම යෙදී සිටි පිරිස පලාගොස් ඇති බව ද සඳහන් කළේය.
රේල් පීලි අතර ධාවනය කළ හැකි අදාල රථය දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් අදාල කණ්ඩායම එම රථය අලුත්වැඩියා කර සොරකම සඳහා පාවිච්චි කර ඇති බවත් එම නිලධාරියා කීය.
එම පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
ඡායාරූප බී.ජී.චතුරංග
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රේල් පීලි සොරකමේ ආ තාවකාලික රථය දුම්රියක ගැටෙයි
පැරකුම් Saturday, 15 July 2023 02:17 PM
අද රටේ නීතිය වල් වැදිලා වංචාව, දූෂණය රජ කරනවා. රේල්පාර හදලා විවෘත කළා විතරයි මොනවද මේ වෙන්නේ..? සෑම තැනකම මෙවැනි තත්වයක් පවතී. පාලකයින් ඇහැ, කන පියාගෙන නිදි... කරුණාකර මෙවැනි දේ යළිත් නොවන පරිදි දැඩි ක්‍රියාමාර්ග ගන්න...
de silva Saturday, 15 July 2023 02:44 PM
ඔය හොරකම කරන්න ඇත්තේ අනිවාර්යයෙන්ම දුම්රිය සේවකයෝ නැතිනම් කොහොමද... ඕකට දුම්රිය දෙපාර්තමේන්තුවේම රථයක් යොදාගන්නේ...? මෙවැනි හොරු අවුරුදු 10ක් පමණ හිරේ දැම්මා නම් හරි.
ඉන්දික Saturday, 15 July 2023 04:26 PM
රිළවුන්ට ඉනිමං බැඳලා අන්තිමේ සොරකමේ ආවා කියනවා... යම් විදියකින් දුම්රියේ නොගැටී හොරකම් කළා නම් කවුරුවත්ම දන්නේ නැහැ...
Chathuranga Sunday, 16 July 2023 08:21 AM
රේල් පීල්ලක් කපාගෙන ගලවගෙන යන එක පාන් පෙත්තක් කපන් අරන් යනව වගේ සරල වැඩක් නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරෙනවා.මේක කරල තියෙන්නෙත් දෙපාර්තමේන්තුවටම සම්බන්ධ අය තමයි.හැබැයි ඒක නොකිය වෙන වෙන බයිල කියල මිනිස්සු නොමග යවල වැඩක් නෑ..අදාල නිළධාරීන් මේ වගකීම බාරගත යුතුයි.ඒ වගේම මෙයට සම්බන්ධ අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.