
(යොහාන් භාසුර,බී.ජී.චතුරංග සහ උපාලි ආනන්ද)
අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී රේල් පීලි සොරකම යෙදී සිටි පුද්ගලයන් ඒ සඳහා යොදාගත් තාවකාලික රථය දුම්රියක ගැටීමෙන් එම දුම්රියට හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
තාවකාලික රථය මගින් නොමැති දුම්රියක මෙසේ ගැටී ඇති බව සඳහන් කළ නිලධාරියා එම අවස්ථාවේදී රේල් පීලි සොරකම යෙදී සිටි පිරිස පලාගොස් ඇති බව ද සඳහන් කළේය.
රේල් පීලි අතර ධාවනය කළ හැකි අදාල රථය දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් අදාල කණ්ඩායම එම රථය අලුත්වැඩියා කර සොරකම සඳහා පාවිච්චි කර ඇති බවත් එම නිලධාරියා කීය.
එම පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
ඡායාරූප බී.ජී.චතුරංග


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ නීතිය වල් වැදිලා වංචාව, දූෂණය රජ කරනවා. රේල්පාර හදලා විවෘත කළා විතරයි මොනවද මේ වෙන්නේ..? සෑම තැනකම මෙවැනි තත්වයක් පවතී. පාලකයින් ඇහැ, කන පියාගෙන නිදි... කරුණාකර මෙවැනි දේ යළිත් නොවන පරිදි දැඩි ක්‍රියාමාර්ග ගන්න...
ඔය හොරකම කරන්න ඇත්තේ අනිවාර්යයෙන්ම දුම්රිය සේවකයෝ නැතිනම් කොහොමද... ඕකට දුම්රිය දෙපාර්තමේන්තුවේම රථයක් යොදාගන්නේ...? මෙවැනි හොරු අවුරුදු 10ක් පමණ හිරේ දැම්මා නම් හරි.
රිළවුන්ට ඉනිමං බැඳලා අන්තිමේ සොරකමේ ආවා කියනවා... යම් විදියකින් දුම්රියේ නොගැටී හොරකම් කළා නම් කවුරුවත්ම දන්නේ නැහැ...
රේල් පීල්ලක් කපාගෙන ගලවගෙන යන එක පාන් පෙත්තක් කපන් අරන් යනව වගේ සරල වැඩක් නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරෙනවා.මේක කරල තියෙන්නෙත් දෙපාර්තමේන්තුවටම සම්බන්ධ අය තමයි.හැබැයි ඒක නොකිය වෙන වෙන බයිල කියල මිනිස්සු නොමග යවල වැඩක් නෑ..අදාල නිළධාරීන් මේ වගකීම බාරගත යුතුයි.ඒ වගේම මෙයට සම්බන්ධ අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.