(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
කේරල ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි රංගන ශිල්පී රයන් වැන් රොයන් මහතා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) නියෝග කළේය.
මීට පෙර එම සැකකරු කේරල ගංජා ප්‍රවාහනය කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර අද (02) පොලිසිය දැනුම් දුන්නේ ඔහු සන්තකයේ ඇති වාහනයේ කේරල ගංජා තිබී ඇති බවයි.
ඒ ඉකුත් නඩු වාරයේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ලබා දුන් නියෝගයකට අනුව කරුණු දක්වමිනි.
ඒ අනුව හෙට (03) ඊට අදාලව සංශෝධිත පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පොලිසියට නියෝග කළේය.
රයන් වැන් රොයන් මහතා දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායි හී දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් පසු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝර මාළු කැවා නම් විඳවපන් බළලෝ..
මට හිතා ගන්න බැරි මේ මෙච්චර රටටම මහා පරිමාණ කුඩු බෙදන පාතාලෙට සම්බන්ධ තියෙන බව ඩුබායි මධූෂ්ගේ පාටි කේස් එකෙන් ඔප්පු වෙච්ච මිනිහා, දැන් නිකම් මත්ද්‍රව්‍ය ටිකක් විතරක් වාහනේ තිබුණා කියලා ලාවට ශේප් වෙලා යන හැටි...කාට කියන්නද...
අනේ මේ තියෙන කරදර මැද්දේ මේ අයවත් එලියට දාන්න නම් එපා. කෝල් කරලා සුදු වෑන් එකක් වත් ගෙන්නා ගන්න බැරිද අස්සට දාලා පිටත් කරන්න?
නළු වෙස්ගත් මේ අමන සමාජ පිළිල වහා රටින් තුරන් කර දමන්න..