
(යොහාන් භාසුර)
දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
රියදුරන් සේවයට නොපැමිණීමෙන් රියදුරු හිඟයක් නිර්මාණ වී ඇති බව කී ඉදිපොළගේ මහතා හැකි උපරිමයෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතුකරමින් සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් ඉදිරියටවත් දුම්රිය සේවයේ තනතුරු සඳහා වගකීමක් දැරිය හැකි, අය බඳවා ගැනීමට කටයුතු කිරීමට ඇස් ඇරේවා. දැනට තත්වය අනුව නම් රියදුරෙක් හෝ නියාමක වරයෙක් ලෙඩ වුණොත්, එහෙම නැතිනම් වරදක් කරලා දඬුවමක් දුන්නොත් දහස් ගණනක් මගී ජනතාව මහමගට වැටෙනවා. තව වැඩි දවසක් යන්නේ නැහැ... මේ කෙනෙකුට පොලිසියෙන් දඩ කොලයක් දුන්නොත් එදාටත් දුම්රිය කීපයක්වත් අවලංගු වේවි. තමන්ගේ වගකීම හරි හැටි නොදන්න අයට වගකීම් පැවරීමේ විපාක තමයි මේ...
තමන් යටතේ පවතින ආයතනයක කාර්ය මණ්ඩලයවත් කලමනාකරණය කිරීමට නොහැකි පඹයෙක්ද අපට ඇමැති වශයෙන් සිටින්නේ?
මේ බලු නකුටන්ට බල්ලව වනන්න දෙන්නේ මොවුන්ගේ ස්ට්‍රයික් වලින් ගොඩයන්න දඟලන දේශපාලකයෝ. කොන්ද පණ ඇති නායකයෝ ඉන්න රටක නම් හමුදාවලින් වැඩ අරගෙන මේ වගේ බලු නකුටන් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන බලය නැතිකරලා දානවා. කොහෙද බුල් ඩෝග් දන්නේ පම්පෝරියට බුරන්න විතරයිනේ... මිනිහා හපා කන්න බයයි...!