(යොහාන් භාසුර)
රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්‍ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රෙිලියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්‍ෂ හයක් නොමැති වීම මෙම තත්වයට හේතුව බවත් මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණ ද ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා 2019 දී මේ ජනාධිපති පත්වූ විගස, මහා ලොකුවට මාධ්‍ය සංදර්ශන පෙන්නලා නිරීක්ෂණ චාරිකා කියමින්, අවශ්‍ය උපදෙස් දුන් ආයතනවල් සේරම අද වනවිට කඩාවැටිලා. මේ ආයතනයට අද මේ ඉරණම... ගුවන් සමාගම දිනපතා පාඩු ලබන ආයතන. මහරෝහලේ අවශ්‍ය බෙහෙත් වර්ග හිඟයි. වැඩක් නැහැ...
3 වැනි ලෝකයේ රටවල් වැඩ කරන්න ඕනෑ තමන්ට දරාගන්න පුළුවන් විදිහට.. මෝඩ පාලකයෝ බොරු ෂෝ දාලා රට බංකොළොත් කළා.. ගිනි තියපු එක වරදකුත් නෙවෙයි.. දැන් සැපද?
රුපියල හම්බකර ඩොලර්ස් වලින් යැපෙන්න යෑම මෙම අර්බුදයට මූලිකම හේතුවයි. මෙම සිද්ධියේදී මා දකින විකල්පයක් ලෙස වලංගු කාලය දීර්ඝ කරන බලපත්‍රවලටවත් එම බලපත්‍රය විනාශ නොකර (පන්ච් කර හිලක් යෙදීම) එම බලපත්‍රයටම යම් කිසි නිශ්චිත වූත්, ස්ථීරවූත්, වෙනස් කළ නොහැකිවූත් දීර්ඝ කළ බවට සටහනක් යොදා නැවත එම බලපත්‍රයම ලබාදීමට යෝජනා කරමි. මෙමගින් මෙරටින් පිටරටට ගලා යන විශාල විදේශ විනිමයක් ඉතිරිකරගත හැකිය.