
(නිමල කොඩිතුවක්කු)
බස්රථ ඇතුළු බරවාහන රියදුරන් සදහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය මත්ද්‍රව්‍ය ලබා ගන්නවාදැයි දැනගැනීම සඳහා සිදු කරන පරික්ෂණයට (DrugTest) අද සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ.
රියදුරු බලපත්‍ර අලුත්කිරීමට සහ නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන බරවාහන රියදුරන් අනිවාර්යයෙන් මෙම පරීක්ෂණ සිදුකලයුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතාකොට රිය ධාවනයේ යෙදෙන බවට මගී ජනතාවගෙන් දිනෙන් දින ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ද දිලුම් අමුණුගම මහතා පැවසීය.
මෙම වෛද්‍ය පරීක්ෂණය අසමත්වන පුද්ගලයින් සදහා වෛද්‍ය සහතික නිකුත් නොකරන අතර මේ හේතුවෙන් ඔවුනට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඇති හැකියාව අහිමිවී යන බවත් ඔහු සඳහන් කළේය.
මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂණය දිවයින පුරා පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයන්හි සිදු කිරීමට හැකි අතර එය හදුන්වා දීමේ කටයුතු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී ඊයේ(20) සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයික් ලයිසන් ගන්නේ කොහොමද?
බොහොම හොඳ වැඩක්... ඇමැතිතුමනි.. හරියට කළොත් ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
ගොඩක් හොද දෙයක්. මහත්තයෝ, ඔය පරීක්ෂණයම මැතිවරණ වලට නාම යෝජනා එක්ක බාර දෙන්න ඕන කියල අනිවාර්ය කරන්න බැරිද?
ඇත්තටම ඒ ක්‍රියාව හද පතුලෙන්ම අගය කරනවා