(දිල්රුක්ෂි ග්‍රේරු)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබෙන බව ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
එහි පළමු අදියර ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය විවෘතව තබන බවත් , ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වන බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
රියදුරු බලපත් අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් එමගින් සිදු කර ගත හැකිය.
මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. එම කාර්යාවලින් සතියේ දිනවලදී මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.
ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෙය සිදු කිරීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.
මේ මස 23වැනිදා සිට එම සෙනසුරාදා දින සේවාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලද ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොඳයි...
රියදුරු බලපත්‍ර රජයේ ආදායම් මාර්ගයක් මිස ප්‍රමිතියකට නිකුත් කරන එකක් නොවේ. යතුරුපැදි හා තුන්රෝද රථ රියදුරන් කිසිදාක මාර්ග නීති පිලිපැදීමක් දක්නට නැහැ. සමහර රියදුරන් පදික මාරුවලත් බස් නැවතුම්වලත් නවත්වනවා. සාමාන්‍යයනේ ටී හන්දියක දෙපස වාහන පාක් කරන්න බැහැනේ නමුත් එවැනි තැන්වලත් තුන්රෝද නැවතුම් පලවල් තියෙනවා. රියදුරු බලපත්‍ර නිකුත්කිරීමේදී රාත්‍රියට වාහන පැදවීම ගැනත් ලිඛිත පරීක්ෂණයේදී ප්‍රශ්ණ 20 ක් වත් අහන්න. නැත්නම් රාත්‍රී කාලයේදී රියදුරු පරීක්ෂන කරන්න
මෝටර්සයිකල් පැදවීමේ බලපත්‍රය සඳහා පරීක්ෂණයේදී, පාවහන් නොමැතිව බයිසිකලය පදින ලෙස අණ කරන්නේ ඇයි? වේරහැරදී මම මේ සිදුවීම දුටුවා.
සෙනසුරාදාත් වැඩ කරන එක එතාමත් හොඳ දෙයක්. අපි එය ඉතා එහලින් අගේ කරනවා. මෙය ජාතික හැඳුනුම් පත් සහ පාස්පෝර්ට් වලටත් කරන්න පුලුවන්නව්, මහා ජනතාවට ඉතාමත් හොඳය. අර්ජුන රණතුංග ඇමති තුමාට අපේ උපහාරය!