
(බී.එච්.රම්‍යා )
ගාල්ල යකලමුල්ල කරාගොඩ ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් විසි අට හැවිරිදි එක් දරු මවක් ජීවිතක්ෂයට පත්වී තිදෙනෙකු රෝහල් ගතකළ බව යක්කලමුල්ල පෙලීසිය කියයි.
ආබාධිත සෙබළෙකු රිය පදවා ඇති අතර එය අඩි සීයක පමණ ප්‍රපාතයකට පෙරැළී අනතුර සිදුවී ඇත.
තුවාල ලැබූවන් අතර අදාළ රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ මව සහ පෙරපාසල් වයසේ දරුවකු සිටින බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ යක්කල මුල්ල පොලීසිය විසින් සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අවුරුදු 70ක් විතර පරණ වාහනයක්, ඕවා තමයි ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන්. අලුත් ආරක්‍ෂිත වාහන ගන්න නම් වෙන කොහේ හරි රටක පදිංචියට යන්න ඕන