
( කුෂාන් ජයවර්ධන)
කැකිරාව ඔළුකරඳ දුම්රිය හරස්මාර්ගය අසළදි බසයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
ඒ 9 ප්‍රධාන මාර්ගයේ කැකිරාව, ඔලුකරඳ දුම්රිය හරස් මාර්ගයේ දී අපරික්ෂාකාරි අයුරින් තවත් වාහනයක් ඉස්සර කරමින් තිබූ බස්රථයක් ත්‍රී රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
මියගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි දීපිකා ප්‍රියදර්ශනී (36) නමැති දෙදරු මවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මරණ ඇති කරන බස් රියදුරන්ගේ බලපත්‍ර තහනම් කල යුතුයි .