(ඉන්දිකා රාමනායක)
රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් වාර්තා වු සැනින් අපරාධ වාර්තා කොට්ඨාසයේ සැකකරුවන් නියාමනය කිරීමේ (AMIS) අංශය වෙත ක්ෂණිකවට දැනුවත් කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම රථවාහන නිලධාරීන් ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
යම්කිසි පොලිස් වසමක රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් වාර්තා වු විට එම පණිවිඩය අදාල කොට්ඨාස තුළ පමණක් සංසරණය වීමෙන් වෙනත් පොලිස් බල ප්‍රදේශ කරා අදාල වාහන සමග ද සැකකරුවන් පලායන බවට නිරීක්ෂණය වන බවත්, දිවයිනේ අනිකුත් පොලිස් ස්ථාන වෙත මෙම පණිවිඩය බැහැර නොවීමෙන් රිය අනතුරු සිදුකර පලා යන රියදුරුන් හා වාහන අත්අඩංගුවට ගැනීමට නොහැකි වන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානයට වාර්තා වු සැනින් එය අපරාධ අපරාධ වාර්තා කොට්ඨාසයේ සැකකරුවන් නියාමනය කිරීමේ (AMIS) අංශය [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමු කළ යුතු බවත් පොලිස් මුලස්ථානය පවසයි.
රිය අනතුර පලායන සිද්ධියක් වාර්තා වු සැනින් එම පොලිස් ස්ථානයේ (VPN) ජාලය බාරව කටයුතු කරන නිලධාරීයා මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතු බවත්, ස්ථානාධිපතිවරයා විසින් තම බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මාර්ග බාධක හා ජංගම සංචාර ක්ෂණිකව දැනුවත් කර පලාන රියදුරක් හා වාහන අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දිය යුතු බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
රිය අනතුරක් සිදුකර පලා යන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී එම රියදුරන් හා වාහන පලායම සිදුව ඇත්තේ යම් පොලිස් ස්ථානයක මාර්ග බාධකයක් හරහා බවට අනාවරණය වුවහොත් අදාල නිලධාරින්ට එරෙහිව විනයාණුකූලව කටයුතු කරන බවද පොලිස්පති චක්‍රලේඛය වැඩිදුරටත් සදහන් වන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd