IMG-LOGO

රඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවුදෙනකු අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥා අජිත් රෝහණ මහතා අද (28) රාත්‍රී පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා කොළඹදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගත් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා අදාල සිද්ධියේ අණ දෙනා ලෙස කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥා අජිත් රෝහණ මහතා වැඩි දුරටත් කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්තඅඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවත් දැනගන්නට තිබේ.

ඉන්ධන නොමැතිවීමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසීන් පැවැත්වු විරෝධතාවක් අතර තුර වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයාමට අදාලව පසුදිනම කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බම්බලපිටිය ක්ෂෙත්‍ර බලකා මුලස්ථානයට ස්ථාමරුවීම් කළේය.

 



අදහස් (3)

රඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවුදෙනකු අල්ලයි

swene Thursday, 28 April 2022 10:06 PM

කුණ්ඩසාලෙට ගියේ කවුරු බලන්නද දන්නේ නැහැ...

:       0       4

ශ්‍රීනාත් නන්දසේන Thursday, 28 April 2022 10:29 PM

පේනවා නේද ලොක්කෝ අසනීප වෙලා බේරෙනවා.. පොඩ්ඩෝ විලංගුවට හිරවෙනවා. මෙය පාඩමක් ලෙස සලකා සැවොම දැන්වත් යථාර්ථය තේරුම් ගෙන රාජකාරිය කරන්න. තම වර්ගයාට ද්‍රෝහි නොවන්න..!.

:       0       5

Ananda Friday, 29 April 2022 12:03 PM

පුදුම වැඩේ ලංකාවට වුණේ... ලොකු ලොකු අයට නීතිය ක්‍රියාත්මක වෙනකොට ලෙඩවෙනවා. මහ අයගේ කුක්කන්ටත් ඒ ලෙඩේමයි. පුදුමයි අටපට්ටමේ පෙන්නන්නේ නැති එක.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site