IMG-LOGO

රඹුක්කන දැන් සන්සුන්

(ඉන්දිකා රාමනායක සහ පී. ශාන්ත බණ්ඩාර) 

ඉන්ධන මිළ ඉහළ දැමීමට විරුද්ධව රඹුක්කන නගරයේ දී ඊයේ (19) හටගෙන තිබු කළහාකාරි සිද්ධියෙන් පසු එම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු පොලිස් ඇදිරිනීතිය හේතුවෙන්  ප්‍රදේශය සාමාකාමී තත්ත්වයක් හටගෙන තිබිණි.

අතිරේක පොලිස් කණ්ඩායම්, කැරළි මර්දන කණ්ඩායම්, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබිණි.

නැවත දැනුම් දෙනතුරු එම පොලිස් බල ප්‍රදේශයට  පනවා තිබු පොලිස් ඇදිරි නීතිය හේතුවෙන් අලුයම සිට ප්‍රදේශය පාළුවට ගොස් තිබු අතර,කිසිදු කළහාකාරි සිද්ධියක් වාර්තා නොවු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියට මුල් වු රඹුක්කන ඉන්ධන පිරවුම් හලට, පොලිස් ස්ථානයට අමතර කණ්ඩයම් යොදවා ආරක්ෂාව තර කර තිබීම විශේෂ සිද්ධියක් විය.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කෑගල්ල රෝහල වෙත පැමිණ පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත් වු අතර,  ස්ථානීය පරීක්ෂණ සිදුකළාය.

කෑගල්ල අපරාධ ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම් ( සොකෝ) එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් එක් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටීම සදහා නීතිඥවරුන් රැසක් අද පෙරවරුවේ සිටම පොලිසිය වෙත පැමිණි සිටියහ.

පෙරවරුවේ සිට ප්‍රදේශයේ ජනතාව නිවෙස් වල සිටිය ද පෙරේදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියට විරෝධයට දක්වා පිරිසක් නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටට පැමිණ සාමකාමී විරෝධතාවක නිරත වුහ.

පනවා තිබු ඇදිරිනීතිය නොතකා පිරිස පැය දෙකක් පුරා එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරත වුහ.

ඇදිරි නීතිය නොතකා පැවැත් වු එම විරෝධතාවට පොලිසියේ කිසිදු බලපෑමක් එල්ල නොවීම විශේෂ සිද්ධියක් විය.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල රෝහලේ දී අද පැවැත්වීමට නියමිතව තිබිණි.



අදහස් (0)

රඹුක්කන දැන් සන්සුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site