
(ටී.කේ.ජී.කපිල)
ඉන්දීය ජාතික සංචාරකයෝ පිරිසක් ඉපැරැණි පුරාවෘත්තයක් වන රාමායණය ග්‍රන්ථයේ සදහන් ස්ථාන නැරඹීම සදහා අද දහවල් දිවයිනට පැමිණියහ .
මෙම සංචාරකයන්ට නායකත්වය දේශ මන්ගයාර්කරසි මහතා විසින් හොඹවනු ලැබීය .
මෙම ඉන්දීය සංචාරකයන් පිරිස රාමායණයේ සදහන් ස්ථානවලට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටි හින්දු ආගමික ස්ථාන ද නැරඹීමට නියමිතය .
ඉදිරි මාස 06 ක කාළය තුළ මෙවැනි ඉන්දීය සංචාරකයන් 800 ක් පමණ පිරිසක් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ මෙම ස්ථාන නැරඹීම සදහා පැමිණීමට නියමිත බැව් මෙම සංචාරක කටයුතු සංවිධායක කමිටුවේ ලිටෝන් ප්‍රනාන්දු මහතා පැවසීය .
මෙම වැඩසටහන සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාවය වර්ධනය කිරීම සදහා සංවිධානය කර තිබේ .

COMMENTS
ඒ පාර මොකක් වෙන්න යනවාද දන්නැහැ..?
තන්ගච්චිලා ආවට කමක් නැහැ බලන දෙයක් බලලා ආපයු යන්න හොදේ
හරින් ඉතිහාසය විකෘති කරයිද මන්ද?
අයියෝ මෙහෙමත් පණුවන් ගහපු ආණ්ඩුවක්.. ගෑස් නැවක්, තෙල් නැවක් ආපුවාම මල්මාලා දාලා පිළිගන්න, අසූචි නැවකට කෝටි ගාණක් වන්දි ගෙවන, සංචාරකයෙක් ආවාම මල්මාලා දාලා වැඳලා පිළිගන්න මේ වගේ රටක් ලොවෙත් නෑ.
ජෝෂප් ස්ටාර්ලින් සාරි ගලවන්න කියලා උද්ඝෝෂණ කරයිද දන්නේ නැහැ..?