




(රංජිත් රාජපක්ෂ)
රජය මගින් වතු කම්කරුවන්ට දෛනික මූලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුවෝ අද(09) තේ වතුවල ප්‍රජාවන් සමඟ ජය සැමරූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, ලංකා කම්කරු කොන්ග්‍රසයට, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහය දැක් වු සියලුදෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින්, හැටන් සහ බගවන්තලාව ප්‍රදේශ ගණනාවකම වතු කම්කරුවෝ තේ වතු මධ්‍යයේ පිහිටි කෝවිල්වල පූජා පවත්වා කිරිබත් පිළියෙල කර අනුභව කළහ.
වසර ගණනාවක සිට තමන් තේ වත්තේ අවම වැටුපකට වැඩ කළ බවත්, තමන්ගේ දෛනික මූලික වැටුප රු. 1000ක් දක්වා වැඩි කළ යුතු බවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා විසින් වත්මන් රජයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව එම වැටුප් වැඩිවීම තමන්ට ලැබුණ බවත්, ඒ සඳහා සහය දැක් වු සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බවත් වතු කම්කරුවෝ කියා සිටියහ.
වතු කම්කරුවන් එක්ව පැවැත් වූ සැමරුම් උත්සවවලට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරෙ, නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර සියයකට අධික කාලයක් රටේ ආර්ථිකය නිහඬ කරදුන් මේ කම්කරුවන්ට ජයවේවා...!
සේවකයා ප්‍රීතියට පත්වුණත් අධික ප්‍රීතියට පත්වන්නේ වත්තේ බාර් කාරයායි...
මේ මිනිස්සු කවදාවත් රවටනවා රුපියල් 10000 පඩියට හාම්පුත්තු එකඟ වෙලා තියෙන්නේ දවස් 13ක් පමණයි.. අනිත් දවස් 17 වතුකම්කරුවන්ට පරණ පඩිය තමයි.
කොහොමද දෙයියන්ගේ වැඩ..?