
(ඉන්දිකා රාමනායක)
මඩකලපුව බන්ධනාගාරයේ සිර මැදිරියේ රඳවා සිටි රැඳවියෙකු එහි රඳවා සිටි සෙසු රැදවියන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බව මඩකලපුව පොලිසිය පවසයි
සැකකරු මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉකුත් (28) රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (30) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී. මොට ආයුධ වලින් පහර දීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු වු බව පොලිසිය පවසයි.
මෙම සැකකරු ඉකුත් (27) දින කසිප්පු නඩුවක වරෙන්තුවක්ම මත කොක්කඩිචෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වූ රිමාන්ඩ් භාරයට පත්කර ඇත
රැඳවියා රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටියදී එහි රඳවා සිටි තවත් රැඳවියන් පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන එම පිරිස මෙම මොහුට පහරදී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලොස් මාමීලාගේ සෙටප් එකක් කියල හිතෙන්නේ මට විතරද????
සිරකුටිය පොලිස් භූමියේ නෙමෙයිද තියෙන්නේ ?සිරකරු භාවනායෝගීව ඉන්න ඇති අනෙක් අය පහරදෙන විට
සෙසු රැඳවියන්ට මොට ආයුධ දුන්නේ කවුද?