(අංජුල මහික වීරරත්න)

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගත්තේ  ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනා විටින් විට රහස් පොලිසියට කැඳවා මානසික පීඩනයට ලක් කිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු ජනපති රනිල් ලංකාවේදී ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවහොත්   රහස් පොලීසිය සහ රජය කුමන ආකාරයට හැසිරේවිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතින බවද වජිර අබේවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා  ලංකාවේ ප්‍රතිකාර නොගෙන සිංගප්පූරුවට ගියේ ඇයිදැයි දැන් ඇතැමුන් අසනවා.

එතුමාට බරපතල තත්ත්වයක් තිබෙන බවට වාර්තා කරන ලද ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාට කරන ලද මානසික පීඩනය දෙස බැලූ විට, නැවත එතුමා වෙනත් ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවත් කුමන ආකාරයට රහස් පොලීසිය සහ රජය හැසිරෙයිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතිනවා. 

අවසාන වශයෙන් මතක තබා ගත යුතුයි. 76 වසරක් ඉතාමත් හොඳ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් සහ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු නිර්මාණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. නමුත් 76 වසරක් පුරාවට අපි අසමත් වෙලා තිබෙනවා හොඳ රාජ්‍යයක් සහ හොඳ ආණ්ඩුකරණයක් ඇති කරන්න. 

ඒ නිසා විදෙස් රටක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිකාර ගැනීම තුළ වෛද්‍යවරු රහස් පොලීසියට ගෙනියන්නත් බැහැ, එවැනි ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ, එවැනි සැක සහිත අවස්ථාවක ගත යුතු හොඳම තීරණය තමයි, ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා අදාල ප්‍රතිකාර ලබා ගැනීම යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.