(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම්වරයා එක්සත් ජාතික පක්‍ෂයේ ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් එවැනි ආකාරයට යෞවන සමාජ දේශපාලණීකරණය කළ රනිල් වික්‍රමසිංහ වර්තමාන ආණ්ඩුවට සාකච්ඡා කිරීමට උපදෙස් දෙන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (10) පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොළඹදී අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
රටේ ජනතාව පරාජය කර ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම් ධූරයේ සිටි තනුජ නවීන් නැමැති පුද්ගලයා 2024 වසරේ පාලිත රංගේ බණ්ඩාර මහත්මයා මැදිහත්ව ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් ඒ මහතා කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ පසිඳු ගුණරත්න නැමැති හිටපු සභාපතිවරයා ‘යූත් සමිට්’ කියන තරුණ සේවා සභාව මහරගමදී සංවිධානය කළ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කළ බව කී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ජනාධිපතිවරණ සමයේදී රනිල්ව පිම්බීමට රුපියල් මිලියන 536 ක මුදල් වැයකර රටවටේ සංගීත ප්‍රසංග පැවැත්වූ බව ද සඳහන් කළේය.
රුපියල් මිලියන 168 ක වංචාවක් වී ඇති බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්වයක් තිබියදී රනිල්ලා අද වර්තමාන ආණ්ඩුවට ප්‍රකාශ කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රනිල් යෞවන සමාජ දේශපාලණිකරණය කළා
Nishan Monday, 11 August 2025 04:19 AM
හාල් කිලෝ එකේ ගාන නොදන්න ඇමති කෙනෙක් මේ.
Suresh Monday, 11 August 2025 05:43 AM
සහෝදරයා, රනිල් වික්‍රමසිංහ මහතා කළ දේට අමතරව ඔබ කවදා හෝ වෙනත් දෙයක් කර තිබේද? ඔබට කළ හැක්කේ පුරසාරම් දෙඩීම පමණයි.
Brian Monday, 11 August 2025 06:49 AM
ඇත්තටම ඇයි අනේ ඔයාලා ඔච්චරටම කුහක,ඒක ඔයාලගේ ජානමය පුරුද්දක් ද?npp jvp කෙනෙක් න්ම් වෛරයෙන් දෙවේෂයෙන්...කුහකකමින් ඉන්නේ.අනිත් අයගෙන් වැඩක් නෑ නේ...ඔයාලට බලය දුන්නේ රට හදන්න.හැදෙන රටක් නම් පේන්නේ නෑ දැන් අවුරුද්දක් ගිහින්.කතාව නම් කෝටි ගාණින්. "As within, but, so without" තමා කියන්න තියෙන්නේ අවසානෙටම.
Perera Monday, 11 August 2025 07:22 AM
රනිල් රාජපක්ෂලා මොනවද දේශපාලනීකරණය නොකළේ?
Samare Monday, 11 August 2025 08:46 AM
පසුගිය ආණ්ඩු කරපු වැරදි වර්තමාන ආණ්ඩුව කරන්න එපා. ඒවා කරන්නේ නෑ කියලයි ඔයාලා ඡන්දය ඉල්ලුවේ. අපි ඡන්දය දුන්නේ ඔයගොල්ල කියපු ඒ කතා විශ්වාස කරලායි. ඒත් ඒ කරන්නේ නෑ කියපු සමහර දේවල් කරනවා කියලත් පෙනෙනවා. ඒ නිසා අපේ ඒ විශ්වාසය ටික ටික පහලට යනවා. අපි සදාකාලික ජේවීපී නෙවෙයි. අර 69 ලක්ෂෙන් ඔයාලට 68 ලක්ෂයක් දීපු අය. කවුරු ගැනවත් අපි සදාකාලික නෑ වැරද්දට නම් ඇදෙන්නේ.
ගුණරත්න Monday, 11 August 2025 08:56 AM
ඔය ආයතැන වලට ඇඟිලි ගහන්නේ නැතිව ඒවායින් මතුවෙන දක්ෂයන්ට තැනක් දුන්නාට වැරද්දක් නැහැ. ඔය කියපු සංවිධායකයා කියල තියෙනවා ඔහුට එම අවස්තාව ලැබුනේ යෞවන සමාජ හරහා බව, එහෙම තමයි ප්‍රජාතනත්‍රවාදී රටක වෙන්නේ. නමුත් ආණ්ඩුව හදන්නේ ඉස්සර ජේවීපී භීෂණ කාලේ කළා වගේ පාසල් වලටත් දේශපාලනය ගෙනිහින් ළමයින්ගේ මොළ සෙදුවා වගේ වැඩක්.
පන්සිළු Monday, 11 August 2025 09:38 AM
දේශපාලනීකරණය මෙයාලා මාලිමාකරණය බවට පත් කළා. ඉතාම දරුණු අන්තවාදයක් සහිතව. එච්චරයි .