IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රන්වලගේ අනතුර අනිද්දා මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ වාහනයේ හැපී කාන්තාවන් දෙදෙනෙකු සහ බිළිඳියක තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝව කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා  18 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී මේ පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

එම සිද්ධියේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමාජයේ බරපතළ චෝදනාවක් පවතින හෙයින්  එය අනිවාර්යයෙන්ම සංවාදයට ගත යුතු බවද  ඔහු ප්‍රකාශ කළේය.

එම අනතුරින් තුවාල ලැබූ අය ගැන මේ දක්වාම රජයේ පාර්ශ්වයෙන් සොයා බැලීමක් කර නැතැයි පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂය දඩයම් කරන අතරේ  ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කරන වැරදි  ශුද්ධ කිරීම රජයේ ප්‍රතිපත්තිය දැයි  ප්‍රශ්න කළේය

විපක්ෂයේ  මන්ත්‍රීවරු ගණනාවක්ම මේ අනතුර  පිළිබඳව අදහස් දැක්වීමට සූදානමින් සිටිති.



අදහස් (4)

රන්වලගේ අනතුර අනිද්දා මැතිසබයට

Rata Perata Tuesday, 16 December 2025 12:42 PM

මේ මුජිබර් වගේ මිනිස්සු හොදයි කාන්තා සමිති මෙහෙයවන්න. දවසකට ලක්ෂ 400ක් වැය වෙනවා පාර්ලිමේන්තුව රැස් කරන්න. මේ අය රිය අනතුරක් ගැන කතා කරන්න යනවා... අපේ සල්ලි විනාශ කරන්න.

:       1       1

Gavin Tuesday, 16 December 2025 03:02 PM

බොරු වැඩ... පචරිස්ලාගේ.

:       1       1

සමන් විමල් Tuesday, 16 December 2025 03:04 PM

නිකාං කාලේ නාස්ති වෙනවා විතරයි. ආචාර්ය උපාධි සිද්ධිය වගේම තමයි . නැත්තේ ලැජ්ජාව විතරයි .

:       1       1

ප්‍රියන්ත Tuesday, 16 December 2025 03:50 PM

තමන්ගේ වාහනයක් කිසිම දිනක හැප්පිලා නැති කෙනෙක් පලමු අදහස් දැක්වීම කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site