
(අංජුල මහික වීරරත්න)
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා කොල්ලූපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී අද(24) පස්වරුවේ බෝධි පූජා පින්කමක් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නායකයෝද ප්‍රදේශවාසීහුද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බෝධි පූජා පින්කමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා ශ්‍රී ලංකාව පුරාම ආගමික ස්ථානවල පින්කම් සංවිධාන කර ඇති බවයි.
මෙහිදී අදහස් දක්වමින් එජාප ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට යන සංඛ්‍යාව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බොහෝ සීමා කොට ඇති බවයි.
බින්දුවට වැටුණු ආර්ථිකයක් සහිත රටක් බාරගෙන ජනතාවට කන්න අඳින්නට දුන් රනිල් වික්‍රමසිංහ මහතාට යුතුකම් ඉටු කිරීම සඳහා දැන් ජනතාවට අවස්ථාවක් ලැබී ඇති බවද සාගල රත්නායක මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ.... කට්ටිය කොහොමද බොඩි පූජා තියන්නේ පන්සිල් පද පහ කඩලා. දැන් ඒ පද අයින්කරලාද පූජාව තියන්නේ...?
ඔයා ගමන්ම තම තමන්ත් තම තමන්ට සෙත් පතාගන්න.
කමක් නෑ ,ඉතින් ඔහෙලාටත් මොකක් හරි වැඩක් තියෙන්න එපැයි
රනිල්ට සෙත් පතා ’’ගමේ පන්සලේ’’ බෝධි පූජාවක් පැවැත්වීම අගය කරමු.
එහෙම එන්න. ඒක කාටත් හොඳයි..
මහ බැංකු හොරකම වගේ දේවල් කරලා රට බංකොළොත් කෙරුවෙත් රනිල් සහ රාජපක්ෂල කියල ඔහොමම කියන්න කොන්දක් නෑ.
හොරෙකුටත් සෙත් පතන්නේ එලියට ඇවිල්ලා තව යහමින් හොරකම් කරන්න කියලද?
රනිලා රටේ කොල්ලෝ ටික මරද්දී , මේ අය කොහේද හිටියේ?? සෙත් පත්න්න හිටියේ නෑනේ.
දැන් ඔප්පු වෙනව , රටක් බාර දුන්නත් , ත්‍රස්තවාදී ගතිගුණ අත හරින්නේ නැහැ කියල . කවදාකවත් මහත්මා ගතිගුණ පුරුදු කරන්න බැහැ. සොබාදහම එදාම අනතුරු ඇගෙව්වා, අනතුරකට මුහුණ පාල .
ඔය වැඳගෙන ඉන්න තුමියගේ බාන 1989 වදකාගාරයකදී අතුරුදහන් උනා , ඔන්න ඕකයි තත්වෙ.
කවදාවත් පන්සල් ගියේ නැති අය, කඩේ යන අය පමණි.
ආර්ථිකේ බින්දුවටම වැටුණේ රටේ සාමාන්‍ය ජනතාවගෙනේ. ඔයගොල්ලන්ට බලය ඇති හෝ නැති කවමදාකවත් ආර්ථික අහේනියක් තිබුණේ නෑනේ. රටේ සාමාන්‍ය ජනතාව පෝලිම්වල ලැග්ගට, ඔයගොල්ලන්ගෙන් එක්කෙනෙක් හරි අසාවකටවත් පෝලිමක එකවරුවක් ලැගලා තියෙනවද? විදුලිය කපන කාලවකවානුවලදිත් ඔයගොල්ලන්ගේ ගෙවල් ආලෝකයෙන් බැබළෙද්දී රටේ සාමාන්‍ය ජනතාව හූල්ල, හූල්ල අඳුරේ අත-පත ගාපු එකතමයි කලේ. කුප්පි ලාම්පු පෙරලී ළමුන් කී දෙනෙක් මියගියාද කියලා හාන්කවිසියක්වත් මතකද ඔයගොල්ලන්ට? ආපසු මෙවන් අඳුරු යුගයක් රටේ සාමාන්‍ය ජනතාව අත් නොවිඳිය යුතුයි, වගකිවයුතු සියලුම දේශපාලකයින්, ඔවුන්ගේ හෙන්චයියන් සහ රාජ්‍ය නිලධාරීන් දැඩි දඬුවම් විඳිය යුතුයි. අවභාවිතා වූ සියළුම රාජ්‍ය දේපළ සහ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට නැවත බැර විය යුතුයි
යකෝ වජිරයගෙ හොර බැල්ම
හොරු වෙනුවෙන් කම්බ හොරු !!!
ඔය වගේ පන්සල්වල ඕවා කළාට කමක් නැහැ... ගමේ පන්සල් වල ඕවා කරවන්න හදලා හාමුරුවරු බඩගින්නේ ඉන්න සලස්වන්න එපා...
මාර සෙනඟක් ඉන්නේ, කොට වජිර ඕක ගාල්ලේ පන්සලක කරවන්නකෝ...
රනිල් එළියට ගන්න බෝධි පූජා නොවෙයි ඕනෑ, මහාධිකරණයට ඇපෑලක්. මේ නීතිඥයින්ට මේවා තේරෙන්නේ නැතුවද? දන්නේ නැතුවද?
හිටියොත් හොන්දට හැදී දෙවියොත් නමට වදී. සෙත් පැතුවා කියලා වෙන දෙයක් නෑ. රජකම් කෙරුවත් කළකම් පළදෙනවාමයි .
පවු ඉතින් ජවිපෙ හීනමානකාරයෝ ටික. ඔවුන්ට එදත් අදත් කරන්න පුළුවන් එකම දේ හූල්ල හූල්ලා දෙස් දෙවොල් තිය තියා ඉන්න එක තමයි...