
(අංජුල මහික වීරරත්න)
අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ගිවිසුමේ මහජනතාවට අහිතකර දේ ඉවත් කර ගැනීමට සහයෝගය ලබා දෙන්නට සූදානම් බව ද විපක්ෂ නායකවරයා කීය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
රටට හොඳ වැඩසටහන් වලට සම්පූර්ණ සහයෝගය ලබාදෙන අතර රටට අහිතකර වැඩ සඳහා අප විරෝධය පළ කරන බව කිව යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව අසන්නට ලැබුණා.නමුත් එය උපයෝගී කරගෙන මේ වන විට පුරවැසි නිදහස අහිමි කර තිබෙනවා. එම පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණද? ඔබ ආණ්ඩුවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් ලැබුණා. නමුත් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර මහතා යන්නේ රනිල් මහතා ගිය පාරේම නිසා රනිල් මහතා යටතේ සිදු කළ විපක්ෂ නායක කාර්ය භාරයම මෙවරත් ඉටු කිරීමට සජිත් මහතාට හැකිය.
රටේ අවාසනාවට මෙයා නැවත විපක්ෂ නායක උනේ, ඕක කරන්න පුළුවන් මිනිහෙක්ට දීලා ඔයා යාල කැලේට වෙලා අලියෙක් දෙන්නෙක් බලාගෙන හිටියා නම් හොදයි. හැබැයි නිදන් හාරනවා එහෙම නොවෙයි.
ඔක්කෝටම ඉස්සෙල්ලා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 පුරවලා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉටුකරලා ඉන්නකෝ. කොහොමටත් තව අවු:5 කට ඔයා විරුද්ධ පක්ෂ නායක ඊළඟ මැතිවරණයේදී ඒකත් හේදිලා යන්ට බැරි නෑ.
ගෝලයෝ සිරිකොත පැත්තට යවන ගමන් මෙතන රනිල්ගෙ වැරැදි කියනවා, රටේ කරුමෙට බිහිවු දේශපාලකයෙක්.
දැන්ම ඉඳලම කරන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න හදන එකමනේ .හැබැයි ඕයි ඒවා හරියන්නේ නැහැ