
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව සජබ මෙන්ම මාලිමාවද වක්‍රව පිළිගෙන තිබෙන්නේ යැයි නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එවන් පසුබිමක ජනාධිපතිවරණයේදී අත්හදා බැලීමක් සිදුකර නැවත ඉල්ලන් කනවාදැයි ජනතාව තීරණය කළ යුතු බවද රණතුංග මහතා කීය.
වැල් පාලමෙන් එගොඩ විය හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් පමණක් වන අතර ඊට අලුත් අයකු අවශ්‍ය නැතැයි ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත ජනාධිපති කිරීමෙන් පවතින තත්ත්වය ඉදිරියට ගෙනගොස් රට ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි වන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (16) දින පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර් හොදයි කියන අය අදටත් මිලියන ගණන් ඉන්නවා
තව ටික දවසකින් කියයි " කප්පන් ගැනීම " ත් අනුමත කලා, "උසාවියෙන් අච්චු කල හොරෙක් කියන්නේ රාජ්‍ය පාලනයට සුදුසු කමක් " ය කියලා.
මුන් එක එක කාලේට කියන දේවල් පිලිගන්ඩ අපි හරක් නෙමෙයි
ඔව් එහෙමද ආස...ඇයි බයද බලය නැතිවෙනවට...මේ හොරහැත්ත ආයෙ බලයට ආවොත්...රට ඉවරයි
වැඩේ ගොඩ දාලා කජ්ජ ගහනකල් තලු මර මර බලන් ඉන්නවා නේද? ආයෙත් සුද්දයක් දෙන්න.
හැබැයි, වැල් පාලමෙන් එගොඩ වෙච්චි ගමන්, වලට බැහැලා කරගහලා අරගෙන යන්න කෙනෙකුත් හොයාගන්න වෙනවා... මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කිව්ව විදිහට..!!!
ණය ගෙවා, මිනිස්සුන්ට බදු පිට බදු ගගහා IMF එක ගහන ගහන තාලෙට නටන එකද රනිල්ගේ ප්‍රතිපත්තිය...?
මේ කට්ටියම ඉන්නේ රටේ ජනතාව ගැන පුදුම තරහකින්. මොකද මේ ගොල්ලන් හිතන්නේ ඒ අයගේ ගෙවල් ඒ දවස්වල ගිනිතියන කොට මිනිස්සු හිතෙන් හරි ඒවාට කැමැති වුණා කියලා යන සිතුවිල්ලෙන්. මෙයා කියන ලොක්කත් ඉන්නෙත් එහෙම තමයි. ඒ නිසා තමයි මේ ගොල්ලෝ ජනතාවට අධික පීඩාවක් දෙන පනත් ඔක්කෝටම අත උස්සන්නේ. වැඩිය ඕනෑ නැහැ අර හොර බෙහෙත් ඇමැතියා තක්කඩි කම කළබව හොඳට දැන දැනත් මිනිහාව බේරා ගන්න අත් ඉස්සුවා. ලොක්කා ඡන්දේ නැහැ කියලා පළාත් පාලන මැතිවරණේ කල් දාන කොට ඔය කට්ටියම පුදුම සන්තෝසයකින් බකබක ගාලා මහා කැත විදියට හිනා වුණා. ඒ හතුරු අරියාදු කම් කලේ වෙන කාටවත් නෙමෙයි... මේ රටේ පොදු ජනතාවට. මේ ගොල්ලෝ ජනතාවගේ ඡන්දෙ ගැන නෙමෙයි හිතන්නේ ලොක්කාව දිගටම පත් කරගෙන ලොක්කාගේ මාර්ගයෙන් මොකක් හරි උප්පර වැට්ටියක් දාලා බලය දිගටම තියාගන්න පුළුවන් යන මතයෙන්. ඊට පස්සේ දිගටම මිනිස්සුන්ගෙන් පලි ගන්නයි අරියාදු කරන්නයි සියලු සැප වරප්‍රසාද විඳිමින් සදාකාලිකව වැජඹෙන්නයි හිතන්නේ. ඒ නිසා මැතිවරණයේදී හොඳට කල්පනාවෙන් ජනතාව ඡන්දෙ දිය යුතුයි...
සමහරවිට කුළු හරක් මී හරක් වේශයෙන් එන්නත් පුළුවන්..
කට වහගෙන ඉන්න...
මැදමූලනේ ඉන්න දූෂිත පවුල් පාලනේ හොර හැතිකරේම ඉන්න අයත් හොඳයි කියන මොලේ උඩ ඉන්න වහල්ලුත් ඔය ඉන්නේ...?
දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු කප්පම්කාරයාගේ පවුලේ අයත්, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත ජරාපක්ෂ පවුල් පාලනේ අයත් හොඳයි කියලා පිළිගන්න වහල්ලුත් ඕනෑ හැටියේ ඉන්නේ..?
හොර කප්පමෝ, ජාතික ජනබලවේගය කවදාද රනිල්ට හොඳයි කිව්වේ? රනිල් හිරේ යන්නෙත් ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් යටතේ කියලා හිතේ තියාගන්න.
ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලපු බව මෙයා පිලි නොගත්තත් හඬපට යූටියුබ් එකේ තියෙනවා.