IMG-LOGO

රනිල් මෛත්‍රි දාපු ඩීල් එක

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ මර්දන ලේකම් කාර්යාලයට  ලැබුණු පැමිණිලි 1200න් 500ක් විමර්ශන සඳහා යොමු කළ  අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන  ඩීල් දමා නඩු දාන්න බැරි වෙන විදියට ඒවා අඩපණ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පාර්ලිමේන්තුවේදී අද(28)  පැවසීය.

පොහොට්ටුව සහ ඒකාබද්ධ  ආණ්ඩුව නතර කළ සියලු විමර්ශන නැවත ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.

විජේපාල  මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍යංශ  වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ආනන්ද විජේපාල  මහතා මෙසේද පැවසීය.

මම දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළා. එතැනට ජනතාවගේ  පැමිණිලි 1200ක් ආවා.  ඒකෙන් පන්සීයක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන  කොමිෂන් සභාවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට බාර දුන්නා. ඔවුන් දක්ෂ ලෙස විමර්ශනය කළා. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන ඩීල් දාලා මේවා නතර කළා. උසාවියට  නඩු දාන්න බැරි වෙන විදිහට. ඒ නිසා ඒවා  අඩපණ වුණා.

අපි ඒ විමර්ශන නැවත ආරම්භ කරලා තියෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාශයත් ආරම්භ කරලා තියෙනවා.

පොලිසියේ ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් කරලා තියෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථාපිත වෙමින් පවතිනවා. සෑම පළාතකටම අපරාධ විමර්ශන කොට්ඨාසයක් ස්ථාපිත වෙනවා.

පොහොට්ටුව සහ ඒකාබද්ධ  ආණ්ඩුව නතර කළ සියලු විමර්ශන නැවත ආරම්භ කරලා තියෙනවා. අපි මේ  යටතේ රුපියල් කෝටි 660 කට වැඩි වටිනා දේපළ ක්‍රියා විරහිත කර තිබෙනවා.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කෝටි452 ක දේපළ ක්‍රියා විරහිත කර තිබෙනවා. පිරිමිඩ වැනි විවිධ නීති විරෝධී ක්‍රම මඟින් උපයා ගත් රුපියල් කෝටි 286කට වැඩි මුදල්  සහ දේපල  ක්‍රියා විරහිත කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගත් රුපියල්  කෝටි පහළොවකට වැඩි දේපළ රාජ සන්තක කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ අපරාධකරුවන් 680ක් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. පරිගණක අපරාධකරුවන් 297 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් අට දෙනකු විදේශයෙ   සිට මෙරටට ගෙනවා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පස් දෙනෙකු ගෙන්වා ඇත්තේ රතු නිවේදන මතයි.

කිසිදු පොලිස් නිලධාරියකුගේ වැටුප් අඩු කර නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවට වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කරනවා.ඊළඟ අයවැයේදී ඒක ඉදිරිපත් කරනවා. රුපියල් කෝටි 23200ක්  මේ වැටුප් වැඩිවීමට වැයවෙනවා.



අදහස් (0)

රනිල් මෛත්‍රි දාපු ඩීල් එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2095 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 649 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site