
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා ජාතිය අමතමින් නැවතත් රට අවුල් කරන්න දෙන්නේ නැහැ කිව්වේ රාජපක්ෂ මහත්වරුන්ට නැවතත් බලයට එන්න නොදෙන්නේ යැයිදැයි සැකයක් මතුවන බවත් ජනාධිපතිවරයා පවසන රට අවුල් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (2) පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හාස්‍යයට කාරණාව ගතවුණු වසර 75 ක කාලයෙන් වසර 40 ක කාලයක් එතුමා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට කටයුතු කරමින් ඉන් වසර 30 ක්ම විධායකය නියෝජනය කරපු පුද්ගලයෙක් වීම බව කී අගහප්පෙරුම මහතා එවිට මේ රට අවුල් කරන්න කළේ කවුද කියන ගැටලුව මතුවන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ඉඩක් නැතිද යන ප්‍රශ්නය මතුවන බවත් එතුමා නිරන්තයෙන්ම 2048 වන විට මේ රට සංවර්ධනය කරනවා යැයි ප්‍රකාශ කිරීම විහිළු සැපයීමක් බවත් ඒ මහතා කීය.
එතුමා 2000 දී බලයට පැමිණිමෙන් පසුව ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ඉදිරිපත් කරමින් මෙම කථාවම ප්‍රකාහ කළ බව කී අලහප්පෙරුම මහතා පැවසුවේ ඉන් පසුව 2015දී දින 100 ක වැඩසටහන් සමඟ 2025 දී අලුත් රටක් හදන්නේ යැයි ප්‍රකාශ කළ බවත්ය.
ඒ කිසිම දෙයක් යථාර්ථයක් බවට පත්නොවී හුදෙක්ම වැඩපිළිවෙළක් නොමැති සිහින කතා පමණක් බව කී අලහප්පෙරුම මහතා සංවර්ධිත රාජ්‍යයක් මනින ප්‍රධාන මිනුම් දඩු දෙක වන ‘ඒක පුද්ගල ආදායම’ සහ ‘දළ ජාතික නිෂ්පාදනය’ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද කීය.
සංවර්ධිත රටක ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 12,000 ක් පැවතිය යුතු මෙන්ම දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300 ක් වියයුතු බවත් ශ්‍රී ලංකාවේ වර්තමාන ඒක පුද්ගල ආදායම ඩොලර් 3,474 ක් වන නිසා ඉදිරි වසර කිහිපය තුළ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ යුතු බවත් එය බැලූ බැල්ලමට හීනයක් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘නිදහස ජනතා සභාව’ නාවල ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ උන්නැහේ... ඔහේ දැන් හොඳ ළමයා වෙන්න උත්සාහ කළාට ඔය කවුද කියලා අපි දන්නවා. රාජපක්ෂලා කරපු හැමදේටම අත උස්සලා දැන් මෙතන රඟපාන්න එන්න එපා. රටේ වාසනාවට තමයි ඔහේ ජනාධිපති නොවුණේ. පාර්ලිමේන්තුවේ ඉන්න අංක එකේ නූල් සුත්තර කාරයින්...
ලොක්කන් හැත්තෑපහෙන් හතලිහක් බලයේ හිටියා කියමුකෝ.. ඔහේ අහලා තියෙනවද දවසක්ම කිරි දොවා මහන්සි නිසා චුට්ටක් ඉවතට ගිය වේලාව කවුරු හෝ ඒකට ගොම චුට්ටක් දැම්මොත් මොකද වෙන්නේ කියලා... ඒක තමයි ජනාධිපතිතුමාටත් වුණේ කියලා අපිට නම් තේරුම් ගන්න පුළුවන්...!
මහින්ද චින්තනය 1 ,2, කියලා බේගල් වට්ටෝරු ලියලා දුන්නා. ඒ කාලේ මහින්දයා දෙසැරයක්ම ජනාධිපති කරන්න කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
රොකට් රෝහිතගේ රොකට් එක ගැනත් මුලින්ම රූපවාහිනියේ කිව්වෙත් මෙයා තමයි.
පිට සක්වලින් ගොදබහලා වගේ මෙන්න මෙයා කියන දේවල්. ඔයගොල්ලෝ හැමෝම මේ රට වැටිලා තියෙන තත්වෙට වග කියන්න ඕනේ. ඔබලා මේ රට විනාශ කරන්න දායක උනා. දැන් මොකුත් දාන්නේ නෑ, අපිනම් ඕවට නෑ....
ඔහේ රනිල් එක්ක ජනපති කාක්කන්ට තරග කිරීම.... පස්ස පැත්තෙන් හිනා යන කාරණයක්...ඩබල් ගේම් කාරයෙක් කියලා රටම දන්නවා.
මේ අයට පැරැණි සිදුවීම් අමතක වන්නේ මහළු වයසටද නැත්නම් අවස්ථානුකූලවද?