(අංජුල මහික වීරරත්න)
අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් (High post committee) පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය කර ගෙන ඇත්තේ ජනාධිපති ධූරයේ රාජකාරී බහුල බැවින් පක්ෂ කටයුතු උදෙසා වැඩි කාලයක් ගත කිරීමට නොහැකිවීමත් දෙවන පෙළ නායකයන් බිහි කිරීමත් යන අරමුණු මුල් කර ගනිමිනි.
මෙම කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති නොවීම පිණිස මෙම නායකත්ව මණ්ඩලය පත් කිරීමේ තීරණය ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත.
සමාන තත්ත්වයේ බලතල සහිතව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමෙන් සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණිය හැකි වන අතර එසේ කළ නොහැකි පිරිසට පසුබැසීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එම කාරණය අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇති අතර අගොස්තු මස මැද සතියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටනු
මොනවා කළත් වැඩක් නැහැ. ලබන සැරේ ඔය තියන පින් මන්ත්‍රීකමත් ගහලා යනවා.
මෙන්න මෙයා මෙහෙ නායකත්ව මණ්ඩලයක් දාන්න යනවා .පව් සජිත් මහත්තයා ඇම ගිල්ලා