(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වයට චීනය සම්බන්ධ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කරන ලද චෝදනාවලට කිසිදු පදනමක් නැතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය මෙසේ ද සඳහන් කර ඇත.
“පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා චීනය සම්බන්ධයෙන් කර ඇති චෝදනාවලට කිසිදු පදනමක් නැහැ. ඒවා වගකීම් විරහිතයි. මිත්‍රශීලි අසල්වැසියකු ලෙස චීනය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවෙනවා. වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වයක්. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. ශ්‍රී ලංකා රජයට, එරට පක්ෂ සහ ජනතාවට වත්මන් අර්බුදකාරී තත්ත්වය විසඳා ගත හැකි යැයි අපි විශ්වාස කරනවා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදනමක් තිබුණත් අනේ ඔව් කියයි කියල තමයි බය .
දැන් අර ගොඩ කරපු මුහුදු කෑල්ල අdයෙත් සින්නක්කරේටම ගන්න පුළුවන් නේද? සතුටුයිද දැන්?
අනේද කියන්නේ..? " ඔව්" කියලම කියයි. පගාව දීපු චෙක්වල කොපි පෙන්නලත් 'නෑ" කියපු එකේ..
අනේ චීනය මේ කතාවලට ඔබලා හොට දමන්නේ ඇයි?
ඩොලර් මිලියන 7.2 ක පගාවක් දීලා , ඒක වරායේ ණය මුදලටම ඇතුළත් කරපු "කොන්ඩේ බැඳපු චීන්නු" හා.. හා.. "අපි නොදන්නා චෙස්"
චීනේ නෙමෙයි මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව කියලයි මට හිතෙන්නේ... 1. මේ සේරම වුනේ රාජපක්ෂ මහත්තයා ඉන්දියාවේ ගිහින් අාවට පස්සේ... 2. ඉන්දියාව ඇමෙරිකාවේ කීමට නොනැමී ඉරානයෙන් දිගටම තෙල් ගෙන්වන නිසා ඔවුනට සම්බාධක දමන්න ඔන්න මෙන්න තියෙන්නේ. නමුත් ඉන්දියාව ඒ තෙල් ආනයනය නවත්වන්න අදහසක් නැහැ. 3. ඉන්දියාව රුසියාවෙන් මිසයිල පද්ධති මිලදී ගැනීමත් ඇමෙරිකාවේ උදහසට ලක්වෙලා. 4. මේ තත්වය යටතේ රනිල්, සෝල්හිම්, ඉන්දීය, සාම ගිවිසුමේ කෑල්ලක් හැටියට ලංකාව කේන්ද්‍ර කරගනිමින් ඉන්දියානු වෙළඳපළට ඇතුළුවීමට ඇමෙරිකානු සහ යුරෝපිය සමාගම්වලට ඉඩ සලසාදෙන්න රනිල් මේ අයවැයෙන් කටයුතු කරන්න යනවා. ගිවිසුමෙන් ගැලවෙන්න ඉන්දියාවට නොහැකි වුනත් රාජපක්ෂ රජයක් පැමිණීමෙන් නැවතත් ලංකාව යුරෝපීය විරෝධී ගනයට වැටීමෙන් ඉන්දියාවේ ආර්ථිකය, රක්ෂණය වෙනවා මෙන්ම ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් වීමේ වැඩපිළිවෙලට නවතිනවා. ඉන්දියාවේ අභිලාශය එයයි. වරෙක සිංහල, දෙමළ විරසකය උපකාර කරගෙන අවුරුදු 30ක් වලට අැද දැමුවා. මෙවර සිංහල -සිංහල විරසකය උපයෝගි කරගත්තා. එජාපයේ දෙවැනිපෙල නායකත්වයක් නොමැතිවීමෙන් අපි වෙළඳ හා නාවික මධ්‍යස්ථානයක් වීම තව පස්සට යනවා.
අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා හිතන්න එපා... මහත්තයෝ!