ශාන්ත චන්ද්‍රසිරි
නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය,රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.
මෙම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී ඊයේ (20) රාත්‍රීයේ සිදු වු මාරක රිය අනතුරින් පසුව පොලීසිය මෙම පියවර ගෙන තිබේ.
මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස ඩෙස්ෆෝට් හරහා රවුම් මාර්ගය භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
මෙම අනතුරින් එකම පවුලේ සාමාජිකයන් පස් දෙනකු හා තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 52 කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි නියම විගඩම්. තාවකාලිකව වහලා ඩ්‍රයිවර්ලට අමතක වුණාටම පාර අරිනවා. ඊට පස්සේ කට්ටියම රේස් යනවා. වගකියන අය මේ නාඩගම් කරලා ඇඟ බේර ගන්නවා. අනේ පව් අර මියගිය මිනිස්සු.
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා.
අතීසාරයට අමුඩය ගැසූ වගයි.
ඕකනම් ප්‍රශ්නෙට විසඳුම එහෙනම් ඉතින් අනතුරක් වෙන වෙන ගානේ ඒ හැම පාරක්ම ඔහොම වහලා දාන්න.