IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රත්නපුරයටත් ගංවතුර

(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)

කලුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් රත්නපුර සහ අවට ප්‍රදේශවල සුලු ගංවතුර තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය කියයි. උදෑසන 08.30 වනවිට කලු ගඟේ ජල මට්ටම මීටර් 8.89ක් (අඩි 29ක්) විය.

මහ ගංවතුරක් ඇතිවීම කලුගඟේ ජල මට්ටම මීටර් 9.5ක් විය යුතුය. ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.

කුරු, වේ, නිරිඇලි, දෙනවක්, කුකුලේ සහ ගංලතුර ගංගා වල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇතත් පෙරවරු 08.30 පමණ වනවිට ඒවායේ ජල මට්ටම් පහළ යාමක් පෙන්නුම් කරන් ලබන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර නගරයේ සහ අවට පහත්බිම් ජලයෙන් යටවී ඇත. කුරුවිට, රත්නපුර, නිවිතිගල, ඇලපාත, කිරිඇල්ල, ඇහැලියගොඩ, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ජලයෙන් යටවී ඇත. රත්නපුර පානදුර ප්‍රධාන පාර රත්නපුර නගරයට ආසන්නව ස්ථාන තුනකින් යටවී ඇතිබව පොලීසිය පවසයි.

පහත්බිම් වල වාහන ගමනාගමනය කරන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනය නැවතී ඇත. රත්නපුර නගරයේ පුලුඟුපිටිය, බණ්ඩාරනායක මාවත, ගඟඅද්දර පාර, බෝධිරාජ මාවත, මුද්දුව, මුවගම, අංගම්මන, වෙරලුප, ගොඩිගමුව ආදී ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. රත්නපුර මූලස්ථාන පොලීසියට යන මාර්ගය ද ජලයෙන් යටී තිබේ.

කලුගඟ සාමාන්‍ය ගංවතුර මට්ටමට හළ ගොස් තිබුණේ අලුයම 02.0ට පමණ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රත්නපුර නගරයේ මුවගම ජලමාපකයේ දත්ත සනාථ කළේය.

ගංවතුර හේතුවෙන් පීදෙන ගොයම් සහ පීදුනු ගොයම් සහිත කඹුරු අක්කර සිය ගණනක් ජලයෙන් යටවී ඇත. අවතැන් වූවන්, සිදුවු දේපල හා ජිවිත හානි ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැත

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන මතුගම ප්‍රධාන මාර්ගය බෙලිඅත්තවිල ප්‍රදේශය  අද (10) ජලයෙන් යටවී ඇති අයුරු



අදහස් (6)

රත්නපුරයටත් ගංවතුර

Ranjit Saturday, 10 July 2021 02:09 PM

සෞභාග්‍යය ලැබෙයි කියල හිතාගෙන පත්කර ගත්තා. ආවදා ඉඳලා අසෞභාග්‍යය. ඉවරයක් නැති විපත්...

:       1       171

මරාSaturday, 10 July 2021 02:50 PM

මම හිතන්නේ ඒ ගොල්ලන් සෞභාග්‍ය කියලා අපිට කියලා තියෙන්නේ රාජපක්ෂ පවුලේ සෞභාග්‍යය වෙන්න ඇති..!!!

:       1       186

සෙනවි Saturday, 10 July 2021 02:46 PM

හැමදාම අහන්න ලැබෙන්නේ විනාශකාරී තත්වයන් පිරුණු නිවේදන... මහා විනාශයක් අතළඟ බව පෙනෙනවා.

:       2       96

Biahan Saturday, 10 July 2021 06:52 PM

පත්වුණු දවසේ ඉඳලා අපේ රටට හෙනහුරු දසාව. වැඩක් නෑ ලබන පාරත් 69 ලක්ෂයේ පුන්නක්කු හරක් ටික උඩ දාගෙන දෙයි...

:       1       189

Athula K Saturday, 10 July 2021 08:20 PM

දේශපාලනය කුමක් වුවත් කළු ගඟ අවුරුද්දට දෙවතාවක් පිටාර ගලනවා. දැන් අඩුයි. මේකෙන් වෙන්නේ රොන් මඩ මගින් නිම්නයේ තියෙන වගාබිම් සරු කිරීම... මේවා ස්වභාවික සංසිද්ධි...

:       153       4

sharm warn Tuesday, 20 July 2021 11:01 AM

හරිම පුදුමයි... අපි අර මැණික් කුළුණ මුදුනේ ඉඳගෙන ගංවතුර සිරි නරඹමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site