අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා දාහතරක් ඇතුලු පළාත් පාලන අයතන දාහතක් සඳහා ඉදිරිපත්වු නාමයෝජනා පත්‍ර අතරින් 134ක් පිළිගත් බව හයක් පමණක් ප්‍රතික්ෂේප වූ බවත් රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා පැවැසීය.

රත්නපුර නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී නාම යෝජනා බාර ගැනීම සිදුවිය. පිළිගත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් 148ක් ඇප තැන්පත් කර තිබූ බව ද තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේය.

එහෙත් නාමයෝජනා බාර දී තිබුණේ පිළිගත් දේශපාලන පක්‍ෂ 134ක් සහ ස්වාධීන කණ්ඩායම් 06ක් පමණි.

ඒ අනුව ඉදිරිපත්වු නාමයෝජනා 140න් පිළිගත් දේශපාලන පක්‍ෂ පහක සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්‍ෂේප වී තිබූ බව ද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේය.