IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රත්නපුරේ රෝහල් තුනකින් ලංවීමට කෝටි අටක පොල්ලක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

රත්නපුර ශීක්‍ෂණ මහ රෝහල, ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් රෝහල සහ තැලිගම දිස්ත‍්‍රික් රෝහල යන රෝහල්වල අටකෝටි හැටතුන් ලක්‍ෂ හයදහස් හාරසිය දොළහක හිඟ විදුලි බිල් 14දාට පෙර නොගෙව්ව හොත් එම රෝහල්වල විදුලිය විසන්ධි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට විදුලිබව මණ්ඩලය ෆැක්ස් පණිවියක් මගින් දැනුම් දී තිබේ.

මෙම රෝහල් මේවනවිට මධ්‍යම රජය මගින් පාලනය වේ. රත්නපුර මහ රෝහල මුලසිටම මධ්‍යම රජය මගින් පාලනය වූ අතර පසුව ඇඹිලිපිටිය සහ තැලිගම රොහල් පසුව සබරගමුව පළාත් සභා පාලනයෙන් මධ්‍යම රජය වෙත පවරා ගනු ලැබීය. සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමෙන් පසු රත්නපුර මහ රෝහල ශීක්‍ෂණ මහ රෝහලක් කෙරුණි.

රත්නපුර මහ රෝහලේ විදුලි ගිණුම් අංක හයකින් විදුලිය සපයා ඇති අතර එම මිණුම් හයේම විදුලිය බිල ගෙවා නැති බව විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යැවු ලිපියේ දැක්වේ. ලේ බැංකුව ද ඊට අයත් ය. ඒ අනුව රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ හිඟ විදුලිය බිල රුපියල් හයකේටි හැටහත් ලක්‍ෂ හැටනමදාස් පන්සිය තිස් පහකි . ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් රෝහලේ හිඟ විදුලිය බිල රුපියල් එක් කෝටි අනූලක්‍ෂ එකොලොස් දහස් හයසිය අනූ හතරකි  තැලිගම දිසා රෝහලේ හිඟ විදුලිය බිල රුපියල් පන්ලක්‍ෂ විසිපන් දහස් එකසිය අසූහතරකි  මෙම හිඟ මුදල් ගෙවන ලෙස රෝහල් අධිකාරීත්වයන්ට කලින් දැනුම් දී ඇතත් මෙතෙක් ගෙවා නැති බව ද විදුලි බල මණ්ඩලය යැවු ෆැක්ස් පණිවිඩයේ දැක්වේ. එහෙත් රෝහල්වල විදුලිය අවශ්‍යතාව සැලකිල්ලට ගෙන විසන්ධි නොකළ බව ද සඳහන් කර ඇත.

 



අදහස් (2)

රත්නපුරේ රෝහල් තුනකින් ලංවීමට කෝටි අටක පොල්ලක්

ravin Wednesday, 12 July 2023 10:18 AM

බොහොම සුළු වැඩක්නේ කරන්න තියෙන්නේ. දේශපාලුවන් ටික ගෙදර යැව්වා නම් මාස දෙක තුනකින්ම වෙලාවට විදුලි බිල පියවා ගැනීමට හැකිවේවි..

:       0       2

sameera Sunday, 16 July 2023 07:40 AM

බහුතරයක් හොරට අතිකාල දාන වෛද්‍යවරු සහ විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු ඇත්තටම කරන අතිකාල පැය ගණනට පමණක් අතිකාල ගෙවනවනම් ඔය කෝටි 8 ගෙවන එක ලොකු දෙයක් නෙවෙයි. ලක්ෂ ගනන්නෙ මෙයල හොරට අතිකාල දාන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site