
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 147 කට ඩෙංගු වැළදි ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇතැයි රත්නපුරයේ පැවති සාකච්ඡාවකදි හෙළි විය.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311ක් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.
රත්නපුර ශීක්ෂණ රෝහලේ පමණක් වෛද්‍යවරුන් තිදෙනකු, වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනකු , හෙදියන් විසිතුන් දෙනකු , ඖෂධවේදීයකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් හැට හතර දෙනකු, ආරක්ෂකයන් හතර දෙනකු, පවිත්‍ර සේවකයන් පහලොස් දෙනකු වශයෙන් 143 දෙනෙකු මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි පැවැසේ.
රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව පිහිටි ලය රෝහලේ සෞඛ්‍ය සේවකයන් 14 දෙනකු ඔසු ගබඩාවේ තිදෙනකු ද ඩෙංගු රෝගයට ලක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය ඇමති කොට සරමකින් පමණක් සැරසී ඔළුවෙන් සිටගෙන සුපුරැදු සමච්චල් සිනාවෙන්ම තම නොහැකියාව පිලිගැනීම වටී.........
පලාගිය ජනාධිපති දේශපාලන හිතවතුන්ට සෞඛ්‍ය සේවයේ තනතුරු දුන්නා. උන්දැල පිරිසිදු කිරීම් කලයුතුම වුනත් ක්ලීන් සූට් කාරයො කාරියො ලෙසට ආයතන ප්‍රධානීන් බියකරගෙන සිටිනවා මිස ලබන වැටුපට කරන සේවයක් දකින්නම නැහැ .එහි විපාක හැටියට රත්නපුර රෝහල හා වටපිටාවේ ඔහොම වෙන්න ඇති