(ඩබ්.ඒ.පියතිලක)
අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පළ කිරීමට පොළොන්නරුව ලංකාපුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රී බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස හිමියෝ අද (3) උපවාසයක් ඇරඹුහ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත්කිරිම ඇතුළුව ඉල්ලීම් හතරකට බල කරමින් රතන හිමියෝ මෙලෙස උපවාසයේ නිරත වෙති.
මේ සඳහා පොලොන්නරුව ලංකාපුර ශාසන ආරක්ෂක බලමණ්ඩලයට අයත් විහාරස්ථාන රැසක ස්වාමින් වහන්සේලා සහභාගී වී සිටියහ.
මෙම උපවාසයට සහයෝගය දැක්විම සදහා බි.ඕ.පි.400 නගරයේ සියලුම වෙළදසැල් (3) වසා දැමීමට වෙළද සංගමය තීරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම දේශපාලනකරණය කිරීම - දේශපාලකයා සියල්ලම දේශපාලනය වෙනුවෙන් පාවිචි කරමින් ඇත. බුදු දහම තුල තිබෙන ආගමික බව ඉන් ඇත්වෙමින්, එය දේශපාලන ගුන්ඩුවක් හෝ ප්‍රචාරන මාධ්‍යයක් බවට පත්ව ඇත. මෛත්‍රියෙන් සහ සිහි බුද්ධියෙන් කළ යුතු දේ තක්කඩි කමින් කිරිමට යාමේ දි සිදුවන්නේ මහා විපත්තියකි.
තව ටිකක් පරක්කු වෙලානේ සහබාගි වෙන්න තිබුනෙ.
දුරදිග ගියානම් රටම එකතු වෙනවා.