
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය.
ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි.
අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂව බලයට ගෙනා කාලයේ ජවිපේ රාජ්‍ය නොවන සංවිධානවලට "ඩොලර් කාක්කන්" කියා චෝදනා කලා. 88-89 කාලයේ රතු කුරුස සංවිධානය ජවිපේ සහෝදරවරු බොහෝ දෙනෙකු ටයර් සෑයෙන් බේරගත්ත - රැඳවුම් කඳවුරු වල හිටිය සහෝදරවරුන් තෙල් බෙහෙත් පවා ගෙන යාමට රතු කරුස සංවිධානය උදව් කළා. කොහොම වුණත් අතුරුදන් වුවන්ගේ පවුල් වලට උපකාර කීරීම ආණ්ඩුවේ යුතු කම.
අරංචි විදියට රාජ්‍ය නොවන සංවිධානවලින් සුනාමිය හින්දා ලැබිච්ච ඩොලර් බිලියන ගාණම අතුරුදහන් වුණා නේද? ඒවා ගැන දන්නේ රාජපක්ෂලා විතරයි නේද?