IMG-LOGO

රතු කුරුසයෙන් රජයට කොළ එළියක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ  ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය.

ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව  අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි.

අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති  වැඩසටහන්  සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.



අදහස් (2)

රතු කුරුසයෙන් රජයට කොළ එළියක්

රට වැසියා Tuesday, 25 February 2025 01:59 PM

මහින්ද රාජපක්ෂව බලය‍ට ගෙනා කාලයේ ජවිපේ රාජ්‍ය නොවන සංවිධානවලට "ඩොලර් කාක්කන්" කියා චෝදනා කලා. 88-89 කාලයේ රතු කුරුස සංවිධානය ජවිපේ සහෝදරවරු බොහෝ දෙනෙකු ටයර් සෑයෙන් බේරගත්ත - රැඳවුම් කඳවුරු වල හිටිය සහෝදරවරුන් තෙල් බෙහෙත් පවා ගෙන යාමට රතු කරුස සංවිධානය උදව් කළා. කොහොම වුණත් අතුරුදන් වුවන්ගේ පවුල් වලට උපකාර කීරීම ආණ්ඩුවේ යුතු කම.

:       13       8

රුවන් Tuesday, 25 February 2025 05:37 PM

අරංචි විදියට රාජ්‍ය නොවන සංවිධානවලින් සුනාමිය හින්දා ලැබිච්ච ඩොලර් බිලියන ගාණම අතුරුදහන් වුණා නේද? ඒවා ගැන දන්නේ රාජපක්ෂලා විතරයි නේද?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 682 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 505 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site