
(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා දී ඇති පිළිතුර ‘පතෝල’ පිළිතුරක් ලෙස දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (27) පැවසීය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම පිළිබඳ කල්මරමින් හිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමති විජිත හේරත් මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇති බවත් එම ප්‍රතිචාරය ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක් බවත් ගම්මන්පිල මහතා කීය.
එය බ්‍රිතාන්‍ය කලේ ඒකපාර්ශවීය තීරණයක් යැයි ආණ්ඩුව පවසන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කතා කර හවුලේ ගත්තු තීරණයක් යැයි ඒ ප්‍රකාශයේ සඳහන්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන්නේ යැයි විදේශ ඇමතිතුමාගේ ප්‍රකාශය සහතික ඇත්ත බව කී ගම්මන්පිල මහතා බ්‍රිතාන්‍ය මෙරට රණවිරුවන්ට බරපතල චෝදනාවකින් දමලා ගහද්දි ආණ්ඩුවෙන් මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදාන හිඟන්නා...
අදක්ෂ හා මොන්ටිසෝරි දේශපාලනඥයින් නායකත්වය දෙන වැඩකට නැති ආණ්ඩුවකින් ඔබට තවත් කුමක් බලාපොරොත්තු විය හැකිද? තවත් ඉදිරියට එනු ඇත..!
මේ මමත් ඉන්නවා. මටත් අවධානෙ ටිකක් දෙන්න. මම සිහල උරුමය, හෙල උරුමය, පිවිතුරු හෙල උරුමය ඔක්කෝම කෑවා. දැන් මම පිවිතුරු හෙල කරුමයක්...
මේ වගේ ආණ්ඩුවකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ... යුද්ධය ඉවර කරනකම්ම කකුලෙන් ඇද්ද අයනේ ඔය...!
මෙයාට මස් කට්ටක් හම්බවෙලා...
තමුන්ට බැරියැ මහ කොමසාරිස් කාර්‍යාලය ඉස්සරහට ගිහින් උද්ගෝෂණයක් කරන්න. එහෙම නැත්නම් සන්දේශයක් බාර දෙන්න. සපෝට් එකට වංශත් ඉන්නේ?
2022 ඇමරිකාව ශවේන්ද්‍රට ඔය සම්භාධකම පැනෙව්වා. එතකොට මහින්ද අගමැති. ගෝඨා ජනපති. ඒ ගොල්ලෝ ගත්තු පියවරයි, මේ ආණ්ඩුව ගත්තු පියවරවල්වල වෙනසක් නෑ. එතකොට මෙයා ඇමැති. එතකොටත් මෙහෙම සද්ද නැගුවාද? මොකද එතකොට ඇමරිකන් තානාපතිව කැඳවලා ප්‍රශ්න කළාවත්ද?
කියන්නකෝ බලන්න එහෙනම් ඔහෙගේ වැටකොලු පිළිතුර මොකක්ද කියලා…!
සම්බාධක පනවලා තියෙන්නේ යුද්ධ කරපු නිසාද? අපරාධ කරපු නිසාද? යුද්ධයක් කරපු නිසා අපරාධ කරන්න ලයිසන් එකක් ලැබෙනවාද අප්පා? සමහරු යුද්ධයේ මුවාවෙන් රටේ සම්පත් සේරම වගේ සුද්ධ කරලා දැන් සුදනෝ වගේ වැජඹෙන්නේ. නැද්ද මන් අහන්නේ?
මෙයා දෙහිවල ඇන්ඩසන් පාරේ කුලියට ඉද්දී අපිත් සල්ලි දුන්නා පව් දුප්පත් මනුස්සයා ඇල් වතුරක් නිවාලා බොන්නේ කියලා. අවුරුදු 2-3න් මෙයාගේ නෑයින්ටත් කොළඹ ගෙවල්. කොහොමද මෙහෙම වුනේ? කැට හොලවපු මනුස්සයා ව්‍යාපාරයක් නොකර කෝටිපතියෙක් වුනේ කොහොමද? එන්.ජී.ඕ සල්ලි ද? හොරකම් කරපුවද?
රණවිරුවෝ කියන නමට මුවාවෙලා ගොඩක් හොරු, අපරාධකාරයෝ ඉන්නවා..4 දෙනෙක් කියන්නේ ජාතියක්, රටක් නොවෙයි...
රණවිරුවන්ට සම්බාධක පැනවීම අද ඊයේ සිදුවුවාවක් නොවේ. උඹලා ආණ්ඩු කරන කාලෙත් එක එක රටවල් රණවිරුවන්ට සම්බාධක පනවන ලදී. එතකොට උඹලා කොහොද හිටියේ. දේශපාලනයෙන් බංකලොත් වෙලා රෙදි නැතිව ඉන්න උඹලා දැන් රණවිරුවන්ගේ කරේ එල්ලිලා හරි ගොඩ යන්න දගලනවා. උඹලාගේ කපටිකම් වලට මිනිස්සු රැවටිච්ච කාලය ඉවරයි. නැතිනම් උඹලා අදටත් පාර්ලිමේන්තුවේ
ඔයාට ඕන පිලිතුරු දෙන්න නොවෙයි අනුර කුමාරව අපි ජනාධිපති කෙරුවේ කියලා ඉස්සර වෙලාම ඔයා මතක තියාගන්න. දෙවනුව ඔයාලා ආණ්ඩු කරන කාලයේ ඇමරිකාව ඔය පිරිසට සම්බාධක දාන විට ඔයා සහ ඔයාගේ නායකයෝ හැසිරුණ හැටි මතක් කර ගන්න. නිකං බොරු පද දාලා දැන් ජනතාව රවටන්න බැහැ කියලා තෙවනුව ඔයාට මතක් කරලා දෙන්න කැමතියි.
හරි, හරි මස්සිනා, දැන් ඔය පුස් ටෝක් නවත්තලා, අපේ අනුර සහෝට විරුද්ධව ගේනවයි කියපු විශ්වාස භංගය ගෙනාවා නම්...!
කුහක ජෙප්පන් කියන්නේ ඒකනේ. රටට මොනවා හරි වෙද්දී, ඔවුන් හිතන්නේ මහින්දට රිද්දන්න. ලංකාව පාවලා දෙන එකයි, මහින්දට ගේම දෙන එකයි දෙකක්...
නිවට ආණ්ඩුවලට තියෙන්නේ පතෝල පිළිතුරු තමයි. බලය වෙනුවෙන් මව්බිම පාවලා දෙන අය...