(හේමන්ත රණසූරිය)

"ගෝලිය තිරසාර සංවර්ධනය හා ⁣⁣දේශගුණික විපර්යාස" යන තරගාවලියට ඉදිරිපත්වූ   රටවල් 17ක  කණ්ඩායම් 615ක් පරදා  "හොඳම ප්‍රජා බලපෑම් සම්මානය"(best community impacta award) දිනාගැනීමට කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දරුවෝ පිරිසක් සමත් වූහ.

ගුඩි නේබර්ස් ජාත්‍යන්තර ආයතනය සංවිධානය කළ මෙම තරඟාවලියට කැබිතිගොල්ලැව මධ්‍ය විද්‍යාලයේ දුවන් සමග ලෝකයේ රයවල් 17 ක්  කණ්ඩායමි 615 ක් ඒක් විය.

ගුඩ් නේබර්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මඟින් කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දරුවන් 28 දෙනකු තෝරාගෙන, ඔවුන් සඳහා "තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාසය" පිළිබඳ පුහුණු වැඩසටහන් ලබාදෙමින්, දකුණු කොරියාව, උගන්ඩාව, සැම්බියාව යන රටවල පාසල් දරුවන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්,අවස්ථාව සලසා දෙමින් මාස දෙකකට ආසන්න කාලයක් තුල මෙම පුහුණු වැඩ සටහන් පැවැත්විමෙන් අණතුුව මෙලෙස සූමි තාක්ෂණය ඔස්සේ ඊයේ මෙම තරගාවලිය පවත්වන ලදි.

කැබිතිගොල්ලෑව වැනි දුෂ්කර පාසලක දරුවන් රටවල් 17 ක් අභිභවා  ලබා ගත් මෙම විශිෂ්ට සම්මානය පිළිබඳව ගුඩ් නේබර්ස් ජාත්‍යන්තර ආයතනයේ අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපෘතී සම්බන්ධීකාරක ඉසුර ෂෙහාන් මහතා මෙසේ පැවැසිය.

"ලෝකයේ හොඳම ප්‍රජා බලපෑම් සම්මානය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ කැබිතිගොල්ලෑව පාසලක දරුවන් ලබා ගැනීම ඉතා සුවිශේෂී මෙන්ම ඓතිහාසික අවස්ථාවක්.

මෙම ජයග්‍රහණය ලබා ගැනීමට දරුවන්ගේ පිටුපස රැඳී සිටි ප්‍රධාන නියමුවා වන්නේ කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිරෝෂණ ඩයස් මහතායි. ඒ වගේම කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කුමුදුනී ආරියවංශ මහත්මියටත්, විද්‍යාලයේ විදුහල්පති යු. බී. කුමාරසිංහ මහතා ඇතුළු මාපියන්ටත් ,ලෝකයේ රටවල් දාහතක් තුළ ශ්‍රී ලංකා නාමය ඔසොවා තැබූ කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ සිසු දරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා" යැයි ඒ මහතා කීය.