IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.

‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති.

‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’ තිබේදැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් උපදෙස් දුන් බව ද රෝගීහූ වැඩි දුරටත් සඳහන් කළහ.

ජීවිත ආරක්ෂක ඖෂධ 13 න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල නොමැති බවත් අත්‍යවශ්‍ය ඖෂධ 460 න් 183 ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති මෙන්ම රෝහල්ව 49ක් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව රජයේ රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 න් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇති බව කී කමුදේශ් මහතා බෙහෙත් හිඟයට පිළියම් නොයොදා සිටීමෙන් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව යොදාරැනිමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගෙන්වීම සඳහා ඉඩලැබෙන බව ද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (9)

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්

Akila Wednesday, 16 April 2025 06:32 PM

දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් නැහැ කියන්නේ ඒ ගොල්ලන්ගේ ජීවිත දැඩි අවදානමක තියෙන්නේ, සුව ඇමැති නිදිද?

:       6       51

ShyamWednesday, 16 April 2025 09:02 PM

රවී කුමුදේශ්නේ කියන්නේ. ඒ මනුස්සයා බෙහෙත් ගැන දන්නේ මොනවද?

:       1       1

ගුණරත්න Wednesday, 16 April 2025 08:55 PM

මේවට කියන්නේ පුනරුදේ කියලා. ආණ්ඩුවේ සුව ඇමැති කිව්වා සුඛෝපභෝගී රෝහල් සේවයක් දෙනවා කියලා. ඒත් අත්‍යාවශ්‍ය මූලික බෙහෙත් නැහැ! මේක ඉතින් අරුම පුදුම පුනරුදයක්...!

:       2       1

pj Thursday, 17 April 2025 03:30 AM

ප්‍රාදේශිය සභා, නගර සභා ටිකත් මේ අයටම දෙන්න.

:       1       0

නාමල් Thursday, 17 April 2025 06:11 AM

රවී කුමුදේෂ් කියන්නේ සජියගේ ගොට්ටෙක් බෙහෙත් තියෙනවාද කියලා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අහන්න...

:       1       2

සෙනෙවිරත්න Thursday, 17 April 2025 06:39 AM

මේ ප්‍රකාශය කරලා තියෙන කෙනා ගැනත් ටිකක් හිතන්න. පහුගිය මාසේ වැටුප් සම්බන්ධයෙන් වර්ජනය කරලා, දැන් වැඩි වැටුප් ලබනකොට සද්ද නැතිව ඉන්න, වෙනත් පක්ෂයකින් ඡන්දේ ඉල්ලපු කෙනෙක්, මේක ස්වාධීන අයෙක් කීවා නම් අපි පිළිගන්නවා...

:       0       2

රටවැසියා Thursday, 17 April 2025 06:40 AM

කෙහෙලියලා බාල බෙහෙත් බෙදනකොට මෙයාලා නොදන්නා ගානට හිටියා, ඒක හොයාගත්තේ වෙන කෙනෙක්...

:       0       3

nipuna Thursday, 17 April 2025 09:14 AM

මට මතකයි මේ රටේ ජනාධිපතිවරණයට ලස්සන දැන්වීමක් ගියා. බෙහෙත් ගැන. දැන් ඒක ගැනවත් හිතලා මේ ගැටලු ගැන අවධානය යොමු කරන්න...

:       0       1

Anura Thursday, 17 April 2025 10:20 AM

ඒකට කමක් නෑ. අනුරලා අවුරුදු කන හැටි පෙන්නුවේ නෑනේ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site