
තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් අගනුවර එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය. ඇෆ්ගන් වැසියන් ගුවන් යානාවලට ගොඩවීමට පොරකෑමට පටන් ගැනීමත් සමඟ කාබුල් ගුවන් තොටුපොළ වසා දැමුණි.
කාබුල් ගුවන්තොටුපොළේ තවමත් ආරක්ෂාව ඇත්තේ ඇමෙරිකන් හමුදා සහ ඇෆ්ගන් හමුදා සතුවය. ඇමෙරිකාව පවසා ඇත්තේ තවමත් ඇෆ්ගනිස්තානයේ තම සොල්දාදුවන් 44,000 ක පිරිසක් තවමත් රැදී සිටින බවය. මේ වනවිට කාබුල් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය මුළුමනින්ම හිස් කර අවසන් බව ඇමෙරිකාව පවසා ඇත.
තලේබාන්වරුන් පවසා ඇත්තේ තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන්ට පිටවී යෑම සඳහා අවසර ලබා දෙන බවය.
රටවල් 66 කට වැඩි ගණනක් විශේෂ ගුවන් යානා යවමින් ඇෆ්ගනිස්තානයේ සිටින තම වැසියන් ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත. ඉන්දියාව ද විශේෂ ගුවන් යානා යවමින් ඇෆ්ගන් නුවර සිටින සිය රටවැසියන් ආපසු ගෙන්වා ගැනීම කටයුතු කළේය.
ඇෆ්ගනිස්තානයේ සිටි නවසීලන්ත වැසියන් 53 දෙනකු සහ ඇෆ්ගන් සංග්‍රාමයට සම්බන්ධ වුණු නවසීලන්ත සොල්දාදුවන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නවසීලන්තයට ගෙන්වා ගැනීමටනවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් කටයුතු කළාය. එය සිදුවූයේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් ගුවන් යානයක් යොදා ගනිමින් යැයි වාර්තා වේ.
මේ අතර, යුනයිටඩ් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, වර්ජින් ඇට්ලැන්ටික් යන බටහිර ගුවන් සේවා පවසා ඇත්තේ ඔවුන් ඇෆ්ගනිස්තානයට ඉහළින් ඇෆ්ගන් ගුවන් සීමාව භාවිතයට නොගන්නා බවය. ඒ, තලේබාන් සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බැවිනි. එමිරේට්ස් ගුවන් සෙවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්තානය බලා යන ගුවන් ගමන් සියල්ල නවතා දැමූ බවය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
671
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති
Rata Perata Monday, 16 August 2021 07:42 PM
ලාංකීය ජනතාවත් අපේ රටෙන් පනින්න පටන් අරගෙන තියෙන්නේ...