IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රටින් ගෙනා එළුවන් 38ක් මියගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක්  අතුරින් නිරෝධායන  කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන්   රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය.

මේ අතර අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරී කටයුතු සඳහා විදෙස්ගතවී යළි සේවයට වාර්තා නොකළ  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් නව දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් අය කර නොගැනීම  සම්බන්ධයෙන් එම  කාරක සභාවේ අප්‍රසාදය පළවිය.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්  එහිදී කමිටුවට පෙන්වා දුන්නේ ඒ  නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර   අඩු ලංසු තිබියදී වැඩි ලංසු තැබූ සමාගමකින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එන්නත් වඩි ලක්ෂයක් මිලදී ගැනීමේදී ලක්ෂ හතළිහක් පමණ වැඩිපුර ගෙවා ඇතැයිද  කෝපා කමිටුවේදී  තොරතුරු අනාවරණය විය.

ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක්  අතුරින් නිරෝධායන  කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන්ද  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය.

එළුවන් ආනයනය සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමැතිය 2017 වර්ෂයේදී ලැබී තිබියදී  එම ආනයනය 2019 වර්ෂයේදී කිරීම හේතුවෙන් විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් ලක්ෂ විසි තුනකට වැඩි මුදලක්  අමතරව ගෙවා  ඇතැයි මෙහිදී හෙළිවිය.

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් සියයට  60 ක අඩුවක් පවතින බවද තොරතුරු අනාවරණය විය.

මෙම  හිඟය සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා  විමසූ අතර එහිදී  නිලධාරීන් පෙන්වා දුන්නේ දිනකට කිරි ලීටර්  සිය ගණනින් නිෂ්පාදනය කළ හැකි ගොවිපළවල් 15000 ක් ඇති කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම  ගොවිපොළවල් සඳහා  2000 ක් පමණ ලියාපදිංචිවී ඇති බවද ඔවුහු සඳහන් කළහ.

ගොවිපොළවල් පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් සකස්කිරීම වැදගත් බව කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා කීවේය.  එසේම මේ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසද  සභාපතිවරයා නිර්දේශ කළේය.

මේ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය  (06) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
තවද කරදගොල්ල සත්ත්ව පාලන මධ්‍යස්ථානයේ ඩිප්ලෝමා පාඨමාලාවට ලියාපදිංචි වූ ශිෂ්‍යයන්  පාඨමාලාව හැරයාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.  මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍යයන්  100 ක් පමණ ලියාපදිංචි විය හැකි බවත් වසරකට සාමාන්‍යයෙන් ළමයින් 82 පමණ මෙම පාඨමාලාව හැදෑරීමට ලියාපදිංචි වන බවත් නිලධාරීහු පැවසූහ.

නමුත් මෙම ලියාපදිංචිවූ සිසුන්ගෙන් විසිපස් දෙනෙකු පමණ    පාඨමාලාව හැරගොස් ඇත් බව හෙළි වී ඇතැයි පවසන කෝපා කමිටුව මෙම එක් සිසුවකු  වෙනුවෙන් පාඨමාලාව හැදෑරීමට  දල වශයෙන් රුපියල් 26 ලක්ෂයකට   ආසන්න මුදලක්  වැයවන  බවද සඳහන් කරයි.

පාඨමාලාව හදාරමින් සිටින අතරතුර රැකියාවක් ලැබුණු විට මෙම ශිෂ්‍යයන් පාඨමාලාව හැර යන බව නිලධාරීහු පැවසූහ. මේ අනුව ගිවිසුමකට යටත්ව මෙම සිසුන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට  කෝපා කමිටුවේ සභාපතිවරයා උපදෙස් දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍යවරුන් වන  ප්‍රසන්න රණවීර, සහ  කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  විමලවීර දිසානායක,   ජයන්ත කැටගොඩ  ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ  ඉසුරු දොඩම්ගොඩ යන මහත්වරුද  සහභාගි වූහ.



 

 



අදහස් (0)

රටින් ගෙනා එළුවන් 38ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site