IMG-LOGO

රටට සෙත් පතා මහ සඟරුවන 1000ක් ජය පිරිත් දෙසති

(සුජිත් හේවාජුලිගේ)

රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජය පිරිත් පිරිත් සජ්ජායනය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ.

මෙම ජය පිරිත් සජ්ජායනය ට මහනායක අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩමකළ භික්ෂූන් වහන්සේලා දහසක් සහභාගි වූහ.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආබාධිත සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාව ට ආශිර්වාද කිරීම මෙම පිරිත් සජ්ජායනයේ  තවත් අරමුණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් විසින් සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ වඩම්මනු ලැබූහ.

ජනාධිපතිවරයා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර ගිලන් පස සහ අධිෂ්ඨාන පූජාව ඉටු කිරීමෙන් පසු  මහා සංඝරත්නයට පිරිත  සඳහා ආරාධනා කළේය.



අදහස් (21)

රටට සෙත් පතා මහ සඟරුවන 1000ක් ජය පිරිත් දෙසති

fairoos Thursday, 27 January 2022 01:55 PM

ආගමට මුල් තැන, අනේ පව් සර් මෙහෙම හරි පාස් වෙයිද මන්දා.?

:       82       49

Pradeep KumaraFriday, 28 January 2022 02:10 PM

ආගම යනු දේශපාලකයින්ට ඔවුන්ගේ වැරදි වසා ගැනීමට ඇති හොඳම අවියයි.

:       2       17

nihal Thursday, 27 January 2022 03:09 PM

අනේ හොඳයි. සාදු සාදු සාදු.!

:       14       61

බද්රානි Thursday, 27 January 2022 03:20 PM

ජය පිරිත් සජ්ජායනය කරලා රටට සුබ පතමු.

:       21       17

kapila Thursday, 27 January 2022 03:39 PM

අපිට කිරියෙන් පැණියෙන් ඉතිරේවා.!

:       8       14

නවින් ලසන්ත Thursday, 27 January 2022 03:58 PM

පිරිතේ බලයෙන්, ඉතිරි අවුරුදු තුනේවත් පාස්වෙන්න ලැබේවායි පතමු... සාදු...! සාදු...!

:       1       3

Ran Thursday, 27 January 2022 03:58 PM

රජයේ අදූරදර්ශී වැඩපිළිවෙලවල් හේතුවෙන් පෙර කිසිදාක නැති තරමින් විපතට පත්ව ඉන්නා පොදු ජනතාවගේ ප්‍රශ්න පෙනිපෙනී නොදැක්කා වගේ ආණ්ඩුවේ ඉහල ඇවරියේ තුන් හතරදෙනෙකුගේ නැතිගුණ ගායනා කරමින් තමන්ට දානමාන ලබාදෙන අහිංසකයින් මුලාකරන කිහිපදෙනෙක් කොතරම් මොන දේ සජ්ජායනා කලත් සෙතක් ලැබෙන්නේ නම් නැහැ. ඔය පිංකමට, පෙට්ටි පුරවා පූජාකරන පිරිකරවලට සහ පැමිණි පිරිසට රසමසවුලෙන් සංග්‍රහ කිරීමට භාවිතා කරන්න ඇත්තේත් ආණ්ඩුවේ මුදල්ම මිස අවුරුදු 17ක් අතවත් තියන්නේ නැතුව බැංකුවක අමතක කර තිබුණු පෞද්ගලික ගිණුමක සල්ලි නෙවේනේ. මේ අභාග්‍යසම්පන්න වෙලාවේ රටට සහ ජනතාවට සෙතක් ලබාදෙන අපේක්ෂාවෙන් පුණ්‍ය කර්ම කිරීමට කාට හෝ අවංක චේතනා ඇත්තේ නම් ඒ සඳහා යානවාහන, මිලමුදල්, පඬුරු පාක්කුඩම් බලාපොරොත්තුවෙන් දේශපාලන මඩ ගොහොරුවට පැනනැති, සිල්වත් භික්ෂුන් වහන්සේලා තෝරා ගන්නවා නම් යෙහෙකි...

:       1       10

Kumara Thursday, 27 January 2022 04:15 PM

රට හොම්බෙන් යන වෙලාවේ මේ වගේ වැඩවලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද? හාමුදුරුවෝ පන්සල්වල ඉඳන් පිරිත් දේශනා කරන්න.

:       1       8

rocky Friday, 28 January 2022 06:51 AM

දෙව්, මිනිස් සැප කෙළවර නිවන් සැප ලැබේවා...!!! 

:       1       12

සමිත සේනක අලුත්ගමගේ. Friday, 28 January 2022 07:52 AM

පිරිතෙහි බලයක්, ශක්තියක් ඇතිවන්නේ, එයින් ජනතාවට රටට සෙතක් ශාන්තියක් වන්නේ, පිරිත් සජ්ඣායනා කරනා භික්ෂුව ශීල සමාධි ප්‍රඥා යන උතුම් ගුණාංග වලින් සමන්විත වුවහොත් පමණයි. ලොව සිල්වත් භික්ෂූන් වහන්සේලා පිරිත් දේශණා කරන අවස්ථාවන් වලදී විශාල පිරිත් පැන් තාලියේ ඇති පිරිත් පැන් උන්වහන්සේලාගේ අත එහා මෙහා දිගුකරනා විට මුහුදු රැල්ලක් සේ චලනය නන අයුරු අන්තර්ජාලයේ දැකගත හැකියි.

:       5       19

හීන්බණ්ඩා Friday, 28 January 2022 08:24 AM

අනේ සාදු සාදු...! ලක්වාසී, ලෝකවාසී සියලු සත්වයින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා...!

:       6       6

kamal Friday, 28 January 2022 08:48 AM

තිරුක්කෝවිල් වලිනුත් සපෝර්ට් එකක් ගත්තා නම් හොඳයි නේද සර්...?

:       2       14

nihal Friday, 28 January 2022 09:16 AM

ගොවීන්ට පෝර බෑග් දුන්න නම් වටිනවා නේද?

:       1       20

DILUM Friday, 28 January 2022 10:00 AM

දෙසති.., දෙසති.., රටට නෙවෙයි නායකයින්ට..!

:       0       13

Pradeep Kumara Friday, 28 January 2022 10:19 AM

රටට සෙතක් වෙන්න නම් මේ ඉන්න හැම හොර දේශපාලකයෙක්ම පන්නලා දාන්න ඕනෑ. මේ ඉන්න අයව පන්නන්න පුළුවන් නම් ලොකුවට තොවිලයක් කරමු. එහෙම නැත්නම් ඡන්දයක් තියමු. අපි පන්නලා දාන්නම්. හොරු ඉන්න තුරු රටට නම් සෙතක් වෙන්නේ නෑ.

:       2       19

සෑම් Friday, 28 January 2022 01:33 PM

රට නන්නත්තාරේ යනවා. කරන්න ඕනෑ ඔක්කොම බූරු, මෝඩ, තුච්ච වැඩ කරකර පිරිත් කියනවා. රට තවතවත් අන්ත අගාධයට යනවා. ලංකාව අද විනාශ වෙලා තියෙන්නේ මේ බොරුව නිසා, පව් මිනිස්සුන්ට..!

:       1       9

Weerasumana Friday, 28 January 2022 01:41 PM

උදේ, දවල්, රාත්‍රියට පිරිත්, බණ දේශනා කරන මිනිස්සු හාමතේ...

:       0       8

Ruhunu Friday, 28 January 2022 01:48 PM

පන්සිල් කිව්වට මෙයාලා අදින්නා දානා පදය කියන්නේ නෑ හාමුදුරුවනේ...!

:       0       6

ganegoda Friday, 28 January 2022 02:02 PM

අවුරුදු 2563ක් සිදුනොවුණු දේවල් අද වෙන්නෙත් නැහැ.

:       0       6

ගමේ එකාලා Friday, 28 January 2022 03:43 PM

රටට කෙසේ වෙතත් පවුල් පාලනේ උදවියට නම් සෙත් පතාගන්න ඇති... පහුගිය කාලේ ලොක්කා තිරුපති ගිහින් ආවේත් නිකම් නෙවෙයිනේ...

:       1       4

lakvidu Saturday, 29 January 2022 08:25 PM

මිනිස්සුන්ට රැස්වෙන්න එපා කියකියා, පැවිදි අය දහස් ගණනින් රැස්කරනවා... වැදි බණ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 890 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 555 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 640 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 963 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1991 2

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 428 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1422 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1617 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site