
(සුජිත් හේවාජුලිගේ)
රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජය පිරිත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ.
මෙම ජය පිරිත් සජ්ජායනය ට මහනායක අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩමකළ භික්ෂූන් වහන්සේලා දහසක් සහභාගි වූහ.
මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආබාධිත සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාව ට ආශිර්වාද කිරීම මෙම පිරිත් සජ්ජායනයේ තවත් අරමුණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් විසින් සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ වඩම්මනු ලැබූහ.
ජනාධිපතිවරයා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර ගිලන් පස සහ අධිෂ්ඨාන පූජාව ඉටු කිරීමෙන් පසු මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමට මුල් තැන, අනේ පව් සර් මෙහෙම හරි පාස් වෙයිද මන්දා.?
අනේ හොඳයි. සාදු සාදු සාදු.!
ජය පිරිත් සජ්ජායනය කරලා රටට සුබ පතමු.
අපිට කිරියෙන් පැණියෙන් ඉතිරේවා.!
පිරිතේ බලයෙන්, ඉතිරි අවුරුදු තුනේවත් පාස්වෙන්න ලැබේවායි පතමු... සාදු...! සාදු...!
රජයේ අදූරදර්ශී වැඩපිළිවෙලවල් හේතුවෙන් පෙර කිසිදාක නැති තරමින් විපතට පත්ව ඉන්නා පොදු ජනතාවගේ ප්‍රශ්න පෙනිපෙනී නොදැක්කා වගේ ආණ්ඩුවේ ඉහල ඇවරියේ තුන් හතරදෙනෙකුගේ නැතිගුණ ගායනා කරමින් තමන්ට දානමාන ලබාදෙන අහිංසකයින් මුලාකරන කිහිපදෙනෙක් කොතරම් මොන දේ සජ්ජායනා කලත් සෙතක් ලැබෙන්නේ නම් නැහැ. ඔය පිංකමට, පෙට්ටි පුරවා පූජාකරන පිරිකරවලට සහ පැමිණි පිරිසට රසමසවුලෙන් සංග්‍රහ කිරීමට භාවිතා කරන්න ඇත්තේත් ආණ්ඩුවේ මුදල්ම මිස අවුරුදු 17ක් අතවත් තියන්නේ නැතුව බැංකුවක අමතක කර තිබුණු පෞද්ගලික ගිණුමක සල්ලි නෙවේනේ. මේ අභාග්‍යසම්පන්න වෙලාවේ රටට සහ ජනතාවට සෙතක් ලබාදෙන අපේක්ෂාවෙන් පුණ්‍ය කර්ම කිරීමට කාට හෝ අවංක චේතනා ඇත්තේ නම් ඒ සඳහා යානවාහන, මිලමුදල්, පඬුරු පාක්කුඩම් බලාපොරොත්තුවෙන් දේශපාලන මඩ ගොහොරුවට පැනනැති, සිල්වත් භික්ෂුන් වහන්සේලා තෝරා ගන්නවා නම් යෙහෙකි...
රට හොම්බෙන් යන වෙලාවේ මේ වගේ වැඩවලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද? හාමුදුරුවෝ පන්සල්වල ඉඳන් පිරිත් දේශනා කරන්න.
දෙව්, මිනිස් සැප කෙළවර නිවන් සැප ලැබේවා...!!!
පිරිතෙහි බලයක්, ශක්තියක් ඇතිවන්නේ, එයින් ජනතාවට රටට සෙතක් ශාන්තියක් වන්නේ, පිරිත් සජ්ඣායනා කරනා භික්ෂුව ශීල සමාධි ප්‍රඥා යන උතුම් ගුණාංග වලින් සමන්විත වුවහොත් පමණයි. ලොව සිල්වත් භික්ෂූන් වහන්සේලා පිරිත් දේශණා කරන අවස්ථාවන් වලදී විශාල පිරිත් පැන් තාලියේ ඇති පිරිත් පැන් උන්වහන්සේලාගේ අත එහා මෙහා දිගුකරනා විට මුහුදු රැල්ලක් සේ චලනය නන අයුරු අන්තර්ජාලයේ දැකගත හැකියි.
අනේ සාදු සාදු...! ලක්වාසී, ලෝකවාසී සියලු සත්වයින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා...!
තිරුක්කෝවිල් වලිනුත් සපෝර්ට් එකක් ගත්තා නම් හොඳයි නේද සර්...?
ගොවීන්ට පෝර බෑග් දුන්න නම් වටිනවා නේද?
දෙසති.., දෙසති.., රටට නෙවෙයි නායකයින්ට..!
රටට සෙතක් වෙන්න නම් මේ ඉන්න හැම හොර දේශපාලකයෙක්ම පන්නලා දාන්න ඕනෑ. මේ ඉන්න අයව පන්නන්න පුළුවන් නම් ලොකුවට තොවිලයක් කරමු. එහෙම නැත්නම් ඡන්දයක් තියමු. අපි පන්නලා දාන්නම්. හොරු ඉන්න තුරු රටට නම් සෙතක් වෙන්නේ නෑ.
රට නන්නත්තාරේ යනවා. කරන්න ඕනෑ ඔක්කොම බූරු, මෝඩ, තුච්ච වැඩ කරකර පිරිත් කියනවා. රට තවතවත් අන්ත අගාධයට යනවා. ලංකාව අද විනාශ වෙලා තියෙන්නේ මේ බොරුව නිසා, පව් මිනිස්සුන්ට..!
උදේ, දවල්, රාත්‍රියට පිරිත්, බණ දේශනා කරන මිනිස්සු හාමතේ...
පන්සිල් කිව්වට මෙයාලා අදින්නා දානා පදය කියන්නේ නෑ හාමුදුරුවනේ...!
අවුරුදු 2563ක් සිදුනොවුණු දේවල් අද වෙන්නෙත් නැහැ.
රටට කෙසේ වෙතත් පවුල් පාලනේ උදවියට නම් සෙත් පතාගන්න ඇති... පහුගිය කාලේ ලොක්කා තිරුපති ගිහින් ආවේත් නිකම් නෙවෙයිනේ...
මිනිස්සුන්ට රැස්වෙන්න එපා කියකියා, පැවිදි අය දහස් ගණනින් රැස්කරනවා... වැදි බණ...