(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටට පණ කඳ ඇති අගමැතිවරයකු අවශ්‍ය වන බව අපේ ජන බල පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසූවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.
පණ කඳ තිබෙන හයිය හත්තිය තියෙන අගමැතිවරයකු පත් කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත් උන්වහන්සේ කීහ. ඒ හැර වෙනත් විකල්පයක් නැතැයිද රතන හිමියෝ පැවසූහ.
අලුත් අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන රට ඉදිරියට ගෙන යා යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ. අතුරලිය රතන හිමියෝ මෙසේද පැවසූහ.
අප සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයකට පැමිණිය යුතුයි.ඊට විපක්ෂයද දායක විය යුතුයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ කොටස් සමග කැබිනට් මණ්ඩලයක් පත් කරන්න පුළුවන්.මේ ආණ්ඩුවට දිගු කලක් යන්න බැහැ. ඒක තමයි ඇත්ත තත්වය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘රටට පණ කඳ ඇති අගමැතිවරයෙක් ඕනෑ‘
මංජුල දසනායක Wednesday, 06 April 2022 09:13 PM
පණ කඳ විතරක් තිබිලා මදි .මොලේ ඇති මිනිහෙක් පත් කරගන්න ඕන .පණ කඳ විතරක් බලලා ගොනෙක් පත්කරගෙන වැඩක් නෑ .
ජගත් ලියනගේ Wednesday, 06 April 2022 10:11 PM
ඔයාට බැරිද ?