(අංජුල මහික වීරරත්න)

බස්නාහිර ප්‍රදේශ මහනගර ප්‍රධාන සැලැස්ම, නැගෙනිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලැස්ම යන සැලසුම් ත්‍රිත්වය සැකසීමේ කටයුතු මෙම වසරේදී අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම සැලසුම් ත්‍රිත්වය සකස් කිරීමට අදාල දත්ත හා තොරතුරු රැස් කිරීම  සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් අභ්‍යන්තර සාකච්ඡා සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා කීය.

අදාළ සැලසුම් තුන සකස්කිරීම අවසන්කර හඳුනා ගන්නා ප්‍රධාන ව්‍යාපෘති සඳහා ආයෝජන යෝජනා කැඳවීමට නියමිතය. එලෙස ආයෝජකයන් මඟින් ආයෝජන යෝජනා කැඳවීමෙන් රටට ඩොලර් ආයෝජන ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.