
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණේ දේශපාලන මතය කඳවුරු දෙකක වුවද ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනපතිට හිමිවන බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
රනිල් සමඟ එදා දේශපාලන මතවාදී ගැටලු තිබූ නමුත් වර්තමානයේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බව ද වන්නිආරච්චි මහත්මිය කීවාය.
රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බවත් කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව ද අමාත්‍යවරිය පැවැසුවාය.
වන්නි ආරච්චි මහත්මිය මේ බව කීවෙි ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගී වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අලියාගේ පිටේ නැගලා. අර 88-89 භීෂණ කාලේදී නිල නොලත් හමුදාවලින් මරලා පුච්චපු ඇට කටු හොයන්නේ නැද්ද? 94දී කළා වගේ ... මේ ගොල්ලන්ගේ ඔක්කෝම ආටක-නාටක. මේ ගොල්ලෝ ඔක්කෝම අඹ-යාළුවෝ !!!
මේ කියන්නේ ණය ගෙවන එක නවත්තලා ඒ සල්ලි වලිනුයි, අයි.එම්.එෆ් එකෙන් ණයට දෙන සල්ලිවලිනුයි යාන්තම් තෙල්, පෝර ටික ගෙන ආපු එක ගැන වෙන්න ඇති නේද?
ලැජ්ජයි රනිල්, ලැජ්ජයි කියලා ඒ කාලේ මීටිම්කදී බෙරිහන්දිදී කෑ ගහපු මනුස්සයා නේද මේ...?
කිලෝමීටර භාගයක් අලුත්වැඩියා කරන්නත් දැන් උත්සව.
ඕක කියලා ගිහින් දාන්න තව මුට්ටියක් ගඟකට...!
එතකොට රට විනාශ කළේ..!
මෙන්න බොලේ බැංකු හොරා කියලා වේදිකාව දෙවනත් කළ අම්මන්ඩිට බැංකු හොරා හොඳ වෙලා. මොනවා කලත් වැඩක් නැහැ ගෙදර යන්න සූදානම් වෙන්න...
මෙයා කාලයක් ඕක මහින්දට දුන්නා එයාගේ වැඩ අගය කරන්න. දැන් ඒක රනිල්ට දෙන්න වගේ හදන්නේ... සාමාන්‍ය පන්තියේ මේ වගේ ගෑණු නම් මෙහෙම කරනකොට පොලිසියෙන් අල්ලනවා.
රට කාබාසිනියා කළේ කවුද? මහජනතාවද?
එහෙම නම් වඳ කොත්තු, මහා බැංකු හොරකම් ගැන කියමින් වේදිකාවල බෙරිහන් දුන්නේ කුමටද? අනේ ඔය පැත්තකට වෙලා ඉන්න ඡන්දයකදී මිනිස්සු තීරණය කරාවි මොකද කරන්න ඕනේ කියලා...
මෙයා ඒ කාලේ මහින්දට හේත්තු වෙලා කියපු කතාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලැජ්ජයි...
උඹලා තරම් ඌරන්වත් අපවිත්‍ර නැහැ. රෙදි ඇඳගෙන සිටියත් අපිට ඔබලාගේ නිරුවත පේනවා...
ඉස්සර එහෙම නැද්ද? දැන්ද හයිය කළේ...?
ඒ කියන්නේ මහින්ද වැඩකට නැති කෙනෙක්... !
මතකයි ඒ කාලේ කාගෙදෝ දෑත් ශක්තිමත් කළා වගේ එයාගේ දෑත් දැන් පණ නැතිද? දැන් එතකොට මෙයා? හෙට කවුද දන්නේ නැහැ? හා!හා!හා!
IMF වලින් රනිල් කරපු විජ්ජාවම මහින්ද මහත්තයාටත් කරන්න තිබුණා...
රනිල් කරපු හපන්කම මොකද්ද. ණයට දුන්න මුදල් වලින් ජාමේ බේරගත්තා. කාටත් ඕක කරන්න පුළුවන්. මේ අයට ඕකවත් තේරෙන්නේ නැද්ද නැත්නම් මිනිස්සු මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ. ණය තවත් වැඩි කරපු එකයි රටට කරපු ලොකුම හය්ය.