
(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.
නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඩ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ කිසිඳු පිළිගැනීමක් නැති පිනාධිපතිගෙන් කිසිඳු හරයක් නැති විකාර කතාවක්... දශක ගණනාවක් බලයේ සිට කරගත නොහැකි වූ මේ දේවල් මාස කිහිපයක් තුළ කරගත හැකිද? 2048 කවදාවත් ළඟා නොවන පුහු මිරිඟුවකි.
අච්චරක් මිනිස්සු ඉද්දි පක්ශ උපසභාපති කම නෑදෑයෙක්ට දුන්න මෙයා, සංගායනාව කියන විදියට ආර්ථික ප්‍රතිසංස්කරණ කරයි කියලා හිතන්න පුලුවන්ද ?
ඒ කියන්නේ අර බේස්ලට් චුවින්ගම් දුන්නා වගේ ගායනාවක්ද ?
හැමදාම කටෙන් රට ගොඩනැගීමේ යෝජනා ටික එකතු කරලා තනුවක් දාලා ගායනා කරන්න.
සංගායනා අවශ්‍ය නෑ.. මහජනතාවට කැමැති පාලකයින් තෝරා ගැනීමට ඉඩ දී මහජනතාව අඩු තරමින් තම පාලකයා ලෙසවත් තෝරා නොගත් රාජපක්ෂ අවතාරය ඉවත්විය යුතුමයි. මේ මවුබිම ඒහි සුජාත වූ දරුවන්ට හිමි සියලූ සම්පත් තම හිතෛයිෂී ගජමිතුරු කැලට හා විදේශීය සමාගම් වලට විකිණීම අවසන් කළ යුතුමයි.
ඇපි ඉතින් හැමඩාම කටින් බතල හිටවන ජාතියක්නෙ.
මෙන්න මෙයාට මේක දාලා යන්න සංගායනාවක් කරන්න පුළුවන් නම්... ඇමැතිලාගේ බලුවැඩවත් නවත්වන්න බැරිව කොහොමද රටක් හදන්නේ?
පින් ජනපතියානම් දූෂිත පවුල් පාලනේ උන් එක්ක සන්ගායනාවක් කරන බව නම් පේනවා.
රට හදන්න හොරුත් එක්ක මොන සංගායනාද?