(නිමල කොඩිතුවක්කු)
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල කඩා වැටිමක් සහ ව්‍යවසනයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසීය.
තිස් වසරක ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රට මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ රටට සත්‍ය හෙළි කිරීමේ අරමුණ පෙරදැරිව විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවක් පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 දී ස්ථාපිත කරමින් ඔහු මේ බව පැවසීය.
බංකොලොත් රටේ ලක්ෂ 220ක්වූ ජනතාවගේ කරපිටින් මූල්‍ය නාස්තිය, වංචාව, හොරකම, අක්‍රමිකතාව, ගුණාත්මකභාවයෙන් අඩු සහ බාල බෙහෙත්, වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන් ම රටට තොරතුරු සැගවීම, රාජ්‍ය මර්දනය, රාජ්‍ය ත්‍රස්තවාදය ආදී සියලු උපක්‍රම උපයෝගී කර ගෙන නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය විනාශ කරන වැඩපිළිවෙළක රජය නිරත වන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නෙත් හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති කෙනෙක් කියලා.මතකද දන් නෑ.