අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට ශක්තිමත් කියා උදම් අනා මෝඩ චූන් ගන්න එපා යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටක් විදියට අනතුර හරියට තේරුම් ගන්නැයි කී හේරත් මහතා නැත්නම් පස්සේ පසු තැවෙන්න වන බව පැවසීය.
ගිය වසරේ වසරේ තිබූ තත්ත්වයට වඩා මේ වසරේ රටේ තත්ත්වය හොඳ බවට කියන කතාව මිත්‍යාවක් බවද තෙල්,ගෑස් පොලිම් නැති වුනත් ආර්ථිකය ශක්තිමත් වී නැති බව වසර මැද මූල්‍ය වාර්තාවෙන් ඔප්පු වෙන බව විජිත හේරත් මහතා කීය.
ආර්ථික වර්ධන වේගය ඍණ 11.5 වී තිබෙන බවත් කර්මාන්ත බිඳ වැටීම 23% ක් වී ඇතැයි ද කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ ආර්ථිකයක් ශක්තිමත් වෙන්නෙ කොහොමදැයි ප්‍රශ්න කළේය.
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී අපනයන ආදායම පහත වැටී ඇති අතර ගිය වසරට සාපේක්ෂව මේ වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 378 කින් අඩු වී තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ සංදර්ශනය 1. රුපියල දුර්වල වීමට ඉඩ හැරීම 2. ටෙලිකොම් ඇතුළු ආයතන විකුණා රුපියල ශක්තිමත් කොට වීරයා වීම.
නුඹලා රට ගිනි තියලා විනාශ කරලා ... මෝඩ චූන් ගන්න අය...
රනිල් රාජපක්ෂ කල්ලිය තමන්ගේ අනුගාමික ටොයි බයි හුරතලුන්ට ගොන් ආතල් එකක් දෙනවා... අර සේමසිංහ කියනවා ලබන සැත්තැම්බර් වෙනවිට රට බංකොලොත් භාවයෙන් මිදෙනවාලු. රටේ ආදායම මදියි ණය පොලිය සහ වාරිකය ගෙවන්න... රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගන්න වෙන්නේ විදේශිය රටවලට නැවත නැවත අතපාලා කීයක් හරි හොයාගෙන එහෙව් රටක් බංකොළොත් භාවයෙන් මුදවා ගන්න එක එක එකාට ඕන ඕන වෙලාවට ඕන ඕන විදිහට කරන්න පුළුවන් කියලා හිතන සහ කියන එකම විහිළුවක් බව රටේ ජනතාව දැන්වත් අවබෝධ කරගත යුතුයි...
මේ ජෙප්පන්ට වුවමනා රට ප්‍රපාතයකට වැටිලා තියෙනවා දකින්නයි. මොවුන් මානසික ආබාධිතයෝ. ලංකාවෙන් තුරන් වූ දවසට රට ස්වයංපෝෂිත වේවි...
දේශපාලුවන්ට නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගත්තු අය ඉන්නවා. කන බොන හැටි ලිප විතරයි දන්නේ...
ඔව්, මෙයාලාට ඕන අටේ ප්‍රශ්න... රට නැගිට්ටොත් එයාලාට චූන් වෙන්න බෑ...!
හැමදාම කළේ මිනිස්සුන්ගේ මොරාල් එක කඩන එක විතරයි. ජනතා සහාය නැතිව රටක් දියුණු වෙන්නේ නැහැ. ජනතාවටත් වගකීමක් තියෙනවා. එහෙම තමයි කොරියාව, චීනය, ඉන්දියාව දියුණු වුණේ... බලාගෙන ඉන්නේ නිකන් කන්න...
නෑ බන්... ඔබලා රට හදනවා කියන එක අහලා මෝඩ චූන් එකක් ගන්නෙත් නැහැ අපි. කාල්මාක්ස්ගේ පඹ රූපේ උස්සන් ගිය නුඹලා රට හදන්න යන විදිහ ගොබ්බ ජෙප්පන් තේරුම් නොගත්තාට අපි දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා...!