
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් ලබාදීමට අදාල චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් බාර දුන්නේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබේ.
මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙයට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500ක ප්‍රදානයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ලැබුණු ආදායම ගැන ඔබ ආඩම්බර විය යුතු නැත - මෙය රටේ ඉහළ පුහුණුව ලත් හෝ බුද්ධිමත් පුද්ගලයින් සංක්‍රමණය වීමෙන් ඔබ රැස් කරගත් ආදායමයි. ඔවුන්ව ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට ඔබට සැලසුමක් තිබුණා නම් ඔබට වක්‍ර ලෙස මීට වඩා විශාල මුදලක් උපයා ගැනීමට තිබුණා. වැඩි කල් නොගොස් රට මේ ප්‍රශ්නවලින් පීඩා විඳිති.
රුපියල් නම් තිළිණයක් උනත් දෙන්න බැරිද ?බැසිල්ගේ අච්චු කන්තෝරුවට ගිහින් අච්චු ගහලා දෙන එකනේ තියෙන්නේ .නමුත් නැත්තේ ඩොලර් ම නේද?
ඔය හැම එකටම මුඩල් වියදම් කරන්න පුලුවන් නමුත් විදේශ ශ්‍රමිකයො කොරෝ කාලෙ මැද පෙරදිග අසරන වෙලා ඉන්න කොට ඔවුන්ව ලංකාවට ගෙන්නවගන්න ට මුදල් නත්තෙ ? අදත් කාන්තාවො විශාල ප්‍රමානයක් මැද පෙරදිග සුරක්ශා නිවාසවල සහ වෙනත් ස්තාන වල අසරණ වෙලා ඉන්නව. ඔවුන්ට ලංකාවට එන්න ටිකට් එක දෙන්න තමා මුදල් නැත්තෙ.
අපෙන් සල්ලි අරන් සැප විඳලා ඉතිරිය උන්ගේ සාක්කුවේන් දෙනවා වගේ.
ඇමතිට ආඩම්බරයි. මේ එයාගේ සල්ලිද? මේ මුදල අයිති දුප්පත්ම, උගත්, එහෙත් මව්බිමේ ඉන්නටවත් අවස්ථාවක් නැති, ජීවිතයේ හොඳම කාලය කැප කර වටිනා තරුණ වයස වෙනත් රටවල සංවර්ධනයට විකුණා ජීවත් වීමට සිදු වූ පිරිසටය. ඇමැතිවරයා මුලින්ම ස්තූති කරන්න ඇත්තේ විදේශගත ශ්‍රමිකයන්ටයි. ඛේදනීය තත්ත්වය නම් යුද්ධයේ යෙදී සිටින වැඩකට නැති රජයේ සේවකයන්ගෙන් බහුතරයකගේ වැටුප් ගෙවීමට මෙම මුදල් වැය කිරීමට...
දැන් ඔය ආණ්ඩුවේ ආයතන වල මුදල් මහා භාණ්ඩාගාරයට යවන්නේ නැද්ද. ආයතන ප්‍රධානීන්ට ඕනේ විදියට බෙදලා දෙන්න පුලුවන්ද.
නියම වැඩක්... තවත් මෙවැනි ජයග්‍රහණ බලාපොරොත්තුවන්න.