(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ජනතාව කබලෙන් ලිපට නොව හොම්බෙන් යන තත්ත්වයට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය

මූලික වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකර  පෝලිම් නැතිකර ජනතාවගේ පීඩනය අඩු කරන්නැයි ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ඉවත්කර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

සියලු දෙනා එකතු කරගෙන ඉදිරියට යෑමට ආණ්ඩුවට තවත් අවස්ථාව තිබෙන බවද ඔහු පැවසුවේය.

ජගත් කුමාර මහතා මෙසේ පැවසුවේ රටේ පවතින තත්ත්වය  පිළිබඳව විවාදයේදීය.